උත්පත්ති 44:10 - Sinhala New Revised Version 2018 ඔහු පිළිතුරු දෙමින්, “හොඳයි, නුඹලා කී ලෙස ඉටු වේ වා! කවුරුන් හෝ ළඟ තිබී එය සම්බවුවහොත් ඔහු මාගේ වහලා වන්නේ ය; නුඹලා නිදහස් වන්නහු ය”යි කීවේ ය. Sinhala New Revised Version ඔහු පිළිතුරු දෙමින්, “හොඳයි, නුඹලා කී ලෙස ඉටු වේ වා! කවුරුන් හෝ ළඟ තිබී එය සම්බවුවහොත් ඔහු මාගේ වහලා වන්නේ ය; නුඹලා නිදහස් වන්නහු ය”යි කීවේ ය. Sinhala Revised Old Version ඔහුද: දැනුදු නුඹලාගේ වචන ලෙසම වේවා. ඒක යමෙකු වෙත තිබී සම්බවන්නේද ඔහු මාගේ දාසයා වන්නේය; නුඹලා නිර්දෝෂවන්නහුයයි කීවේය. |
ජෝසෙප් එවිට උත්තර දෙමින්, “එසේ නො වේ වා! මම එවැන්නක් නොකරමි. එහෙත්, යමෙකු ළඟ තිබී කුසලාන සම්බ වූයේ ද ඔහු පමණක් මාගේ වහලා වන්නේ ය. නුඹලා සැම දෙන නැඟිට නුඹලාගේ පියා වෙත සාමදානයෙන් යන්නැ”යි කී ය.
දැන් ඉතින්, මාගේ ස්වාමීන් වෙත ළමයා වෙනුවට මේ ඔබේ දාසයා වහලෙකු මෙන් සිටින්නේ ය. කරුණාකර, ළමයාට ඔහුගේ සහෝදරයන් සමඟ යන්න ඉඩ හරිනු මැනවි.
ඔබගේ දාසයන් අතර යම් කෙනෙකු ළඟ තිබී එය සොයාගතහොත් ඔහු මැරුණා වේ! අපි ද අප ස්වාමීන්ගේ වහල්ලු වන්නෙමු”යි කී හ.