උත්පත්ති 42:7 - Sinhala New Revised Version 2018 ජෝසෙප් ඔහුගේ සහෝදරයන් දැක, ඔවුන් හඳුනාගත් නමුත්, තමා නාඳුනන්නාක් මෙන් හඟවා, ඔවුන්ට තදින් කතා කරමින්, “නුඹලා ආවේ කිනම් රටකින් දැ”යි ඇසී ය. “ආහාර මිලට ගනු පිණිස කානාන් දේශයෙන් ය”යි ඔව්හු කී හ. Sinhala New Revised Version ජෝසෙප් ඔහුගේ සහෝදරයන් දැක, ඔවුන් හඳුනාගත් නමුත්, තමා නාඳුනන්නාක් මෙන් හඟවා, ඔවුන්ට තදින් කතා කරමින්, “නුඹලා ආවේ කිනම් රටකින් දැ”යි ඇසී ය. “ආහාර මිලට ගනු පිණිස කානාන් දේශයෙන් ය”යි ඔව්හු කී හ. Sinhala Revised Old Version යෝසෙප් තමාගේ සහෝදරයන් දැක ඔවුන් ඇඳිනගත්තේය, නුමුත් නාඳුනන්නාක් මෙන් පෙන්වා තද ලෙස ඔවුන්ට කථාකොට: නුඹලා කොතැන සිට ආවහුදැයි ඔවුන්ගෙන් ඇසීය. ආහාර මිලේට ගන්නා පිණිස කානාන් දේශයෙන් ආවෙමුයයි ඔව්හු කීවෝය. |
ජෝසෙප්ගේ සහෝදරයෝ ද ඔහුට මූණ ලා, වැඩිමලා පටන් බාලයා දක්වා වයස් අනුව පිළිවෙළට වාඩි කරවන ලදහ. ඔව්හු විස්මිත වී එකිනෙකා දෙස බැලූ හ.