උත්පත්ති 42:21 - Sinhala New Revised Version 2018 ඉන්පසු ඔව්හු එකිනෙකා අමතමින්, “අපි ඇත්තෙන් ම අපගේ සහෝදරයාට කළ දේ ගැන වරදකරුවෝ වෙමු. ඒ මන්ද, ඔහු අපට කන්නලව් කරද්දී ඔහුගේ වේදනාව දැක දැකත්, අපි ඇහුම්කන් නුදුන්නෙමු. මේ විපත අපට පැමිණියේ ඒ නිසා ම ය”යි කීවෝ ය. Sinhala New Revised Version ඉන්පසු ඔව්හු එකිනෙකා අමතමින්, “අපි ඇත්තෙන් ම අපගේ සහෝදරයාට කළ දේ ගැන වරදකරුවෝ වෙමු. ඒ මන්ද, ඔහු අපට කන්නලව් කරද්දී ඔහුගේ වේදනාව දැක දැකත්, අපි ඇහුම්කන් නුදුන්නෙමු. මේ විපත අපට පැමිණියේ ඒ නිසා ම ය”යි කීවෝ ය. Sinhala Revised Old Version ඔව්හු තම තමන් අතරේ කථාකොට: අපේ සහෝදරයා අපට කන්නලව්කරද්දී, ඔහුගේ හෘදය වේදනාව දැකලාත්, අප ඔහුට කන් නුදුන් හෙයින් සැබවින් අපි ඔහු ගැන වැරදිකාරයෝය; එබැවින් මේ විපත්තිය අපට පැමිණ තිබේයයි කීවෝය. |
එවිට ජුදා කතා කොට, “මාගේ ස්වාමීන් හට අප කුමන පිළිතුරක් දෙන්න ද? අප කුමක් කියන්න ද? අපි කෙසේ නම් මේ ගැන නිදොස් වමු ද? දෙවියන් වහන්සේ ඔබේ දාසයන්ගේ දුෂ්ටකම මතුකර පෙනෙන්නට සැලැසූ සේක. මෙන්න, තමා ළඟ කුසලාන තිබී සම්බ වූ තැනැත්තාත් අපිත්, මාගේ ස්වාමීන්ගේ වහල්ලු වන්නෙමු”යි කීවේ ය.
ජෝසෙප් ඔහුගේ සහෝදරයන් අමතමින්, “මම ජෝසෙප් ය. මාගේ පියා තව ම ජීවත් ව සිටී දැ”යි ඇසී ය. ඔහුගේ සහෝදරයන් ඔහු දැකීමෙන් තුෂ්ණීම්භූත ව සිටි හෙයින් ඔහුට උත්තර දීගන්නට ඔවුන්ට නොහැකි විය.
ජෝසෙප්ගේ සහෝදරයෝ තම පියා මළ බව දුටු විට තමන් අතරේ කතා කරමින්, “ඇතැම් විට ජෝසෙප් අපට වෛර කරන්න පුළුවන, ඇත්තට ම අප ඔහුට කළ සියලු නපුරු දේ ගැන ඔහු අපෙන් පළිගත හැකි ය”යි කී හ.
එවිට දාවිත් පිළිතුරු දෙමින්, “මම සමිඳාණන් වහන්සේට විරුද්ධ ව පව් කෙළෙමි”යි නාතාන්ට කී ය. නාතාන් ද කතා කරමින්, “සමිඳාණන් වහන්සේ ඔබේ පාපයට ක්ෂමාව දුන් සේක; ඔබ නොනසින්නෙහි ය;
එවිට ඈ එලියාට කතා කොට, “දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යය, ඔබ සමඟ මට ඇති ආරාවුල කුමක් ද? මාගේ පාපය සිහි කරවන්නටත්, මාගේ පුත්‍රයා මරන්නටත් මා ළඟට ඔබ ආයෙහි දැ”යි ඔහුගෙන් ඇසුවා ය.
එම්බා ඉශ්රායෙලය! නුඹේ දෙවි ස්වාමීන් වන මා නුඹ මාර්ගයෙහි ගෙන යන විට පවා නුඹ මා අත්හළ නිසා මේ දේ නුඹ පිට, නුඹ පිට ම, පමුණුවාගත්තා නොවේ ද?
නුඹේ නපුරුකම නුඹට පඩිසන් දෙයි; මට ද්‍රෝහි වීම නුඹට දොස් පවරයි. නුඹේ මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ අත්හැරදමා යාමත්, මා කෙරෙහි තවත් ගරුබිය නොදැක්වීමත් කොතරම් නපුරු අප්‍රිය දෙයක් දැ යි හොඳින් සලකා බලන්න. මෙසේ වදාරන්නේ සියලු බලැති දෙවි සමිඳාණන් වහන්සේ ය.”
එබැවින් ස්වාමීන් වන මම මෙසේ කියමි. නුඹලා මට අකීකරු වී, නුඹලාගේ සහෝදර අසල්වැසි හෙබ්‍රේවරුන්ට නිදහස ප්‍රකාශ නොකළහු ය. ඒ නිසා කඩුවට ද වසංගතයට ද සාගතයට ද මම නුඹලා පාවා දෙන්නෙමි. මා නුඹලාට කරන දේ ගැන පොළොවේ සියලු ජාතීන් තැති ගැනීමට මම සලස්වන්නෙමි. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.
“නුඹේ කල්ක්‍රියාවෙන් හා නුඹ කළ කී දෙයින් නුඹ ම මේ විපත නුඹ පිට පමුණුවාගෙන ඇත. මෙය නුඹේ ඉරණම වේ. එය ඉතා දරුණු ය, එය නුඹේ හදවත සිදුරු කර ඇත.”
“මාගේ සෙනඟ තමන්ගේ වරද පිළිගෙන මා සොයා එන තුරු මම ඔවුන් අත්හැර මාගේ වාසභවනයට යන්නෙමි. සමහර විට ඔවුන් දුක් විඳින විට ඕනෑකමින් මා සොයා එනු ඇත.”
එහෙත්, ඔබ එලෙස නොකරන්නහු නම්, සමිඳාණන් වහන්සේට විරුද්ධ ව ඔබ හැම පව් කරන්නහු ය. ඔබේ පාපය ද ඔබ පිට පැවරෙන බව දැනගන්න.
ඔබ දෙන විනිශ්චයයෙන් ම ඔබත් විනිශ්චය කරනු ලබන්නෙහි ය. ඔබ මනින මිම්මෙන් ම ඔබටත් මැන දෙනු ලැබේ.
ඔවුන් ද මේ වධ වේදනා ඇති ස්ථානයට නොපැමිණෙන පිණිස, ඔවුන්ට අවවාද දෙන්නට ලාසරස් මාගේ පියාගේ ගෙදරට යවන මෙන් ඉල්ලමි’යි කී ය.
අදහාගත්තවුන්ගෙන් බොහෝ දෙනෙක් අවුත් තමන් ද මන්ත්‍රගුරුකම්වල යෙදී සිටි බව ප්‍රකාශ කළහ.
දයාව නොපෙන්වූ තැනැත්තාට දයා විරහිත විනිශ්චයක් පැමිණෙන්නේ ය. දයාව, විනිශ්චය පසුබා ජය ගනී.
එහෙත් අපි පාපෝච්චාරණය කරමු නම්, විශ්වාසවන්ත වූ ද, ධර්මිෂ්ඨ වූ ද, දෙවියන් වහන්සේ සියලු පාපවලින් ද අදමිටුකම්වලින් ද අප පවිත්‍ර කරන සේක.
අදොනි-බෙශෙක් කතා කොට, “අත්පාවල මාපටැඟිලි කපාදමන ලද රජවරු සැත්තෑදෙනෙක් මාගේ මේසයෙන් වැටෙන කෑම ඇහිඳ ගත්තෝ ය; මා ඔවුන්ට කළ ලෙස දෙවියන් වහන්සේ මට ප්‍රතිවිපාක දුන් සේකැ”යි කීවේ ය. ඔව්හු ඔහු ජෙරුසලමට ගෙන ගියෝ ය. ඔහු එහි දී මළේ ය.