ජෝසෙප් උත්තර දෙමින්, “සමතා මම නොවෙමි. දෙවියන් වහන්සේ පාරාවෝට සතුටුදායක පිළිතුරක් දෙන සේකැ”යි කීවේ ය.
උත්පත්ති 41:39 - Sinhala New Revised Version 2018 මෙසේ විචාරා, ඔහු ජෝසෙප්ට කතා කොට, “දෙවියන් වහන්සේ මේ සියල්ල ඔබට පෙන්වා වදාළ හෙයින් ඔබ වැනි බුද්ධිමත්, දක්ෂ විචක්ෂණ තව කෙනෙක් නම් නැත. Sinhala New Revised Version මෙසේ විචාරා, ඔහු ජෝසෙප්ට කතා කොට, “දෙවියන් වහන්සේ මේ සියල්ල ඔබට පෙන්වා වදාළ හෙයින් ඔබ වැනි බුද්ධිමත්, දක්ෂ විචක්ෂණ තව කෙනෙක් නම් නැත. Sinhala Revised Old Version ඵාරාවෝ යෝසෙප්ට කථාකොට: දෙවියන්වහන්සේ මේ සියල්ල නුඹට දැක්වූ නිසා නුඹ පමණ දැනුම් තේරුම් ඇති ප්‍රඥාවන්ත කෙනෙක් නැත. |
ජෝසෙප් උත්තර දෙමින්, “සමතා මම නොවෙමි. දෙවියන් වහන්සේ පාරාවෝට සතුටුදායක පිළිතුරක් දෙන සේකැ”යි කීවේ ය.
එවිට ජෝසෙප් පාරාවෝට කතා කොට, “පාරාවෝ දුටු සිහිනවල ඇත්තේ එක ම තේරුමකි. දෙවියන් වහන්සේ කරන්න යන දෙය පාරාවෝට පෙන්වා දුන් සේක.
මෙය වූ කලී, මා පාරාවෝට කී පරිදි දෙවියන් වහන්සේ කරන්න යන දෙය උන් වහන්සේ පාරාවෝට කල්තියා පෙන්වාදීමකි.
“දැන් ඉතින් පාරාවෝ, දක්ෂ, විචක්ෂණ මිනිසෙකු සොයා බලා, මිසර දේශයේ පරිපාලනය ඔහුට බාර දිය යුතු ය.
“එස්රා, ඔබ යුප්‍රටීස් ගඟින් එගොඩ සිටින සියලු සෙනඟ විනිශ්චය කරන පිණිස, ඔබේ දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථාව දන්න විනිශ්චයකාරයන් ද නඩුකාරයන් ද ඔබට ප්‍රදානය කොට ඇති ඔබේ දෙවියන් වහන්සේගේ ප්‍රඥාව ලෙස පත් කරගන්න; නොදන්න අයට එය උගන්වන්න.
ශොවන් නගරයේ අධිපතීහු අන්ත මෝඩයෝ ය. මිසරයේ නැණවත් උපදේශකයෝ අමන උපදෙස් දෙති. පුරාණ පණ්ඩිතයන්ගෙන් ද රජවරුන්ගෙන් ද තමන් පැවත එති යි ඔවුන් රජතුමාට කියන්නේ කෙසේ ද?