උදය කාලයේ දී ජෝසෙප් ඔවුන් වෙත පැමිණ, ඔවුන් දෙස බැලූ කල, ඔවුන් කණස්සල්ලෙන් සිටිනු දිටී ය.
උත්පත්ති 40:7 - Sinhala New Revised Version 2018 එවිට ඔහු තම ස්වාමියාගේ නිවසෙහි තමා සමඟ හිරගත ව සිටි පාරාවෝගේ වාසල නිලධාරීන්ට කතා කොට, “අද ඔබ මෙතරම් මළානික ව සිටින්නේ මන්දැ”යි විචාළේ ය. Sinhala New Revised Version එවිට ඔහු තම ස්වාමියාගේ නිවෙසහි තමා සමඟ හිරගත ව සිටි පාරාවෝගේ වාසල නිලධාරීන්ට කතා කොට, “අද ඔබ මෙතරම් මළානික ව සිටින්නේ මන්දැ”යි විචාළේ ය. Sinhala Revised Old Version නුඹලා අද මලානිකව සිටින්නේ මක්නිසාදැයි ස්වකීය ස්වාමියාගේ ගෙයි තමා සමඟ හිරේ සිටි ඵාරාවෝගේ ඒ ඇමතියන්ගෙන් ඔහු ඇසුවේය. |
උදය කාලයේ දී ජෝසෙප් ඔවුන් වෙත පැමිණ, ඔවුන් දෙස බැලූ කල, ඔවුන් කණස්සල්ලෙන් සිටිනු දිටී ය.
ඔහු අම්නොන්ට කතා කොට, “රාජ පුත්‍රය, ඔබ දවසින් දවස මෙසේ කෘශවන්නේ මන් ද? මට කියන්නේ නැද්දැ”යි ඇසී ය. එවිට අම්නොන්, “මාගේ සහෝදර අබ්සලොම්ගේ සහෝදරිය වන තාමාර්ට මම ආලය කරමි”යි ඔහුට කී ය.
එවිට රජු මට කතා කර, “ඔබට අසනීපයක් නැති නමුත්, ඔබේ මුහුණ දුක්මුසු ව තිබෙන්නේ මන් ද? මෙය සිතේ කණගාටුවක් මිස වෙන කිසිවක් නොවේ ය”යි කීවේ ය.
උන් වහන්සේ ඔවුන්ට කතා කොට, “මේ ඔබ තර්ක කරමින් යන්නේ කුමන කාරණා ගැන දැ”යි ඇසූ සේක. ඔව්හු දුක්මුසු මුහුණින් යුක්ත ව නතර වූ හ.
ඔහු පිළිතුරු දෙමින්, “මා සෑදු දේවතාවන් ද මාගේ පූජකයා ද ඔබ ගෙන යන්නහු ය. මට තවත් ඉතිරි ව තිබෙන්නේ කිමෙක් ද? ‘ඔබට සිදු වී තිබෙන්නේ කුමක් දැ’යි ඔබ මාගෙන් අසන්නේ කෙසේ දැ”යි ඇසී ය.
එවිට ඇගේ පුරුෂයා වන එල්කානා ඈට කතා කොට, “හන්නා, ඔබ අඬන්නේ මන් ද? නොකා සිටින්නේ මන් ද? ඔබ සෝදුකින් සිටින්නේ මන් ද? පුත්‍රයන් දසදෙනෙකුට වඩා මා ඔබට අගේ නැද්දැ”යි කී ය.