එකල සිරගත ව සිටි මිසර රජුගේ කුසලාන පිරිනමන්නා හා රොටි සාදන්නා යන දෙදෙනා ම තම තමන්ට ම අදාළ වූ තේරුම් ඇති සිහිනයක් බැගින්, එක ම රාත්‍රියේ දී දුටහ.
උත්පත්ති 40:6 - Sinhala New Revised Version 2018 උදය කාලයේ දී ජෝසෙප් ඔවුන් වෙත පැමිණ, ඔවුන් දෙස බැලූ කල, ඔවුන් කණස්සල්ලෙන් සිටිනු දිටී ය. Sinhala New Revised Version උදය කාලයේ දී ජෝසෙප් ඔවුන් වෙත පැමිණ, ඔවුන් දෙස බැලූ කල, ඔවුන් කණස්සල්ලෙන් සිටිනු දිටී ය. Sinhala Revised Old Version යෝසෙප් උදය ඔවුන් වෙතට ආ කල ඔවුන් ශෝකයෙන් ඉන්න බව දුටුවේය. |
එකල සිරගත ව සිටි මිසර රජුගේ කුසලාන පිරිනමන්නා හා රොටි සාදන්නා යන දෙදෙනා ම තම තමන්ට ම අදාළ වූ තේරුම් ඇති සිහිනයක් බැගින්, එක ම රාත්‍රියේ දී දුටහ.
එවිට ඔහු තම ස්වාමියාගේ නිවසෙහි තමා සමඟ හිරගත ව සිටි පාරාවෝගේ වාසල නිලධාරීන්ට කතා කොට, “අද ඔබ මෙතරම් මළානික ව සිටින්නේ මන්දැ”යි විචාළේ ය.
ඔව්හු ද ඔහුට උත්තර දෙමින්, “අපි දෙදෙන ම සිහිනයක් බැගින් දුටිමු. එහෙත්, එහි තේරුම කියා දෙන්න කෙනෙක් නැතැ”යි කී හ. එවිට ජෝසෙප් ඔවුන් අමතා, “තේරුම දෙවියන් වහන්සේ සතු දෙයක් නො වේ ද? කරුණාකර, මට ඒවා කියන්නැ”යි පැවසී ය.
උදෑසන ඔහුගේ සිත කැළෙඹන්නට විය. ඔහු මිසර දේශයේ ඉන්ද්‍රජාලිකයන් හා ප්‍රාඥයන් සියල්ලන්ට පණිවුඩ යවා, ඔවුන් කැඳවා, ඔවුන්ට තම සිහිනය දැන්වී ය. එහෙත්, පාරාවෝට එය තේරුම්කර දීමට පුළුවන් කිසිවෙක් නො වී ය.