පසු ව ඈ ඔහුගේ සොහොයුරු වූ ආබෙල් ද ලැබුවා ය. ආබෙල් බැටළු එඬේරෙක් විය, කායින් ගොවියෙක් විය.
උත්පත්ති 4:3 - Sinhala New Revised Version 2018 කලක් ගත වූ පසු කායින් පොළොවෙන් නිපද වූ අස්වැන්න පඬුරක් වශයෙන් සමිඳාණන් වහන්සේට පූජා කළේ ය. Sinhala New Revised Version කලක් ගත වූ පසු කායින් පොළොවෙන් නිපද වූ අස්වැන්න පඬුරක් වශයෙන් සමිඳාණන් වහන්සේට පූජා කළේ ය. Sinhala Revised Old Version කාලයකට පසු කායින් භූමියේ ඵලයෙන් ස්වාමීන්වහන්සේට පඬුරක් ගෙනායේය. |
පසු ව ඈ ඔහුගේ සොහොයුරු වූ ආබෙල් ද ලැබුවා ය. ආබෙල් බැටළු එඬේරෙක් විය, කායින් ගොවියෙක් විය.
ආබෙල් ද සිය බැටළු රැළේ කුලුඳුල් පැටවුන්ගෙන් සමහරෙකු ද ඔවුන්ගේ හොඳ ම කොටස් ද ගෙන සමිඳාණන් වහන්සේට පූජා කළේ ය. සමිඳාණන් වහන්සේ ද ආබෙල් සහ ඔහුගේ පඬුර සතුටින් පිළිගත් සේක.
මේ මුළු කාලයේ දී මම ජෙරුසලමෙහි නොසිටියෙමි. කුමක් නිසාද බබිලෝනියේ රජ වූ අර්තක්ෂස්තාගේ තිස් දෙ වන අවුරුද්දේ දී මා රජු වෙත ගිය බැවිනි. ටික කලකට පසු මම රජුගෙන් අවසර ලැබගෙන
“ඔවුන් මට පුදන ඉතා අගනා තෙල් ද ඉස්තරම් මිදිපැන් ද හොඳ ම ධාන්‍ය සහ ඉතා වටිනා නාඹුල් පල ද මම නුඹට දෙන්නෙමි.
අහෝ, ඔවුන්ට වන විපතක මහත! ඔව්හු කායින් ගිය මාර්ගයෙහි ම ගමන් කළහ; බාලාම් කළාක් මෙන්, මුදලට ආශාවෙන් වරදට වැටුණහ; කෝරා මෙන් කැරලි ගසා විනාශ වූ හ.