ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




උත්පත්ති 4:20 - Sinhala New Revised Version 2018

ආදා, ජාබල් ලැබුවා ය. මොහු කූඩාරම්වල වසන ගොපල්ලන්ගේ ආදි පියා ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ආදා, ජාබල් ලැබුවා ය. මොහු කූඩාරම්වල වසන ගොපල්ලන්ගේ ආදි පියා ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ආදා යාබල් බිහිකළාය; ඔහු කූඩාරම්වල වාසයකරන්නාවූ ගෝපාලයන්ගේ පියාය.

පරිච්ඡේදය බලන්න



උත්පත්ති 4:20
10 හුවමාරු යොමු  

දරුවෝ දෙදෙන වැඩුණාහ. ඒසව් එළිමහනේ වසන දක්ෂ දඩයම්කාරයෙක් විය. ජාකොබ් කූඩාරම්වල වසන නිශ්චල මිනිසෙක් විය.


ලාමෙක් ස්ත්‍රීන් දෙදෙනෙකු සරණ පාවාගත්තේ ය. එක් කෙනෙකුගේ නම ආදා ය, අනික් තැනැත්තිය ශිල්ලා ය.


පසු ව ඈ ඔහුගේ සොහොයුරු වූ ආබෙල් ද ලැබුවා ය. ආබෙල් බැටළු එඬේරෙක් විය, කායින් ගොවියෙක් විය.


මොහුගේ සහෝදරයාගේ නම ජුබාල් ය; ඔහු වීණා වයන, නළා පිඹින සියලු සංගීතකරුවන්ගේ ආදි පියා ය.


ඔබේ පියා යක්ෂයා ය. එබැවින් ඔබේ කැමැත්ත ඔබේ පියාගේ ආශාවන් ඉටු කිරීම ය. මුල සිට ම ඔහු මිනීමරුවෙකි. සත්‍යය ඔහු තුළ පිහිටා නැති බැවින්, ඔහු සත්‍යයෙහි නොපිහිටියේ ය. ඔහු බොරු කියන කල ඔහුගේ නියම ගතියෙන් ම කතා කරයි. මන්ද, ඔහු බොරුකාරයෙකි. ඔහු බොරුවේ පියා ය.


ඇදහිල්ලෙන්, ඔහු ආගන්තුකයෙකු මෙන් දෙවියන් වහන්සේ පොරොන්දු වූ දේශයෙහි පදිංචි වී, එම පොරොන්දුවට හිමිකාරයන් වූ ඊසාක් සහ ජාකොබ් සමඟ කූඩාරම්වල වාසය කෙළේ ය.