එවිට අබිමෙලෙක් ආබ්‍රහම් කැඳවා, “යසයි, ඔබ අපට කළ දේ! මා පිටත්, මාගේ රාජ්‍යය පිටත් මේ සා බරපතල පාපයක් පැවරීමට මා ඔබට කළ වැරැද්ද කුමක් ද? ඔබ මට කර ඇත්තේ කොතරම් නොකටයුතු දෙයක් ද?
උත්පත්ති 34:7 - Sinhala New Revised Version 2018 ජාකොබ්ගේ පුත්‍රයන් තණ පිට්ටනියෙන් පැමිණි පසු ඔව්හු මෙය අසා, කම්පා වී කෝපාවිෂ්ට වූ හ. මන්ද, ෂෙකෙම්, ජාකොබ්ගේ දුව දූෂණය කිරීමෙන් ඉශ්රායෙල් ජනයා අතර නොකටයුතු සැහැසිකමක් කළ හෙයිනි. Sinhala New Revised Version ජාකොබ්ගේ පුත්‍රයන් තණ පිට්ටනියෙන් පැමිණි පසු ඔව්හු මෙය අසා, කම්පා වී කෝපාවිෂ්ට වූ හ. මන්ද, ෂෙකෙම්, ජාකොබ්ගේ දුව දූෂණය කිරීමෙන් ඉශ්රායෙල් ජනයා අතර නොකටයුතු සැහැසිකමක් කළ හෙයිනි. Sinhala Revised Old Version යාකොබ්ගේ පුත්‍රයෝ ඒ අසා කෙතේ සිට ආවෝය. ඔහු යාකොබ්ගේ දුව සමඟ සයනයකිරීමෙන් ඉශ්‍රායෙල් අතරේ නොකටයුතු වූ නින්දිතකමක් කළ හෙයින් ඒ මනුෂ්‍යයෝ ශෝකව ඉතා කෝපවූහ. |
එවිට අබිමෙලෙක් ආබ්‍රහම් කැඳවා, “යසයි, ඔබ අපට කළ දේ! මා පිටත්, මාගේ රාජ්‍යය පිටත් මේ සා බරපතල පාපයක් පැවරීමට මා ඔබට කළ වැරැද්ද කුමක් ද? ඔබ මට කර ඇත්තේ කොතරම් නොකටයුතු දෙයක් ද?
හාමොර් ද ඔවුන් සමඟ කතා කරමින්, “මාගේ පුත්‍ර ෂෙකෙම්, ඔබේ දියණියට පෙම් බැඳ සිටියි. ඇය ඔහුට භාර්යාව මෙන් පාවා දෙන ලෙස මම අයැද සිටිමි.
මෙලෙස ඔහු තම පුත්‍රයන් ද පුත්‍රයන්ගේ පුත්‍රයන් ද පුත්‍රයන්ගේ දූවරුන් ද මුළු දරු පෙළපත ද තමන් කැටුව මිසරයට ගෙන ආවේ ය.
මන්ද, ඔව්හු ඉශ්රායෙල්හි දුෂ්ටකම් කොට තමන්ගේ අසල්වාසීන්ගේ භාර්යාවන් සමඟ කාමමිථ්‍යාචාරය කළෝ ය. මාගේ නාමයෙන් බොරු කියන්න මම ඔවුන්ට අණ නොකෙළෙමි. ඔවුන් කළ දේ මම දනිමි. ඒ ගැන මම ඔවුන්ට විරුද්ධ ව සාක්ෂි දරන්නෙමි. මෙසේ වදාරන්නේ සමිඳාණන් වහන්සේ ය.’ ”
“මුළු ඉශ්රායෙල් ජනතාව අදහස් නොකර ද, සභාව නොදැනුවත්ව ද පව් කරමින්, තහනම් දෙයක් කොට සමිඳාණන් වහන්සේගේ යම් කිසි පනතක් කඩ කොට වැරදිකරුවන් වුවහොත්,
“ඉශ්රායෙල් ජනයාට මෙසේ කියන්නැ”යි වදාළ සේක. “යමෙකු අදහස් නොකර, සමිඳාණන් වහන්සේගේ ආඥාවකට විරුද්ධ ව පව් කොට, තහනම් කළ දෙයක් කර යම් පනතක් කඩ කරන්නට පුළුවන. එවිට ඔහු මෙලෙස කළ යුතු ය.”
“සාමාන්‍ය කෙනෙකු අදහස් නොකර පව් කරමින්, සමිඳාණන් වහන්සේගේ පනතකින් තහනම් වූ දෙයක් කොට වැරදිකාරයෙකු වී,
ඔවුන්ගෙන් සමහරෙකු අනාචාරයෙහි යෙදුණාක් මෙන් අපි අනාචාරයෙහි නොයෙදෙමු. එසේ යෙදුන අයගෙන් විසි තුන් දහසක් එක දවසෙහි ම මළහ.
අනාචාරයෙන් පලා යන්න. අන් හැම පාපයක් ම මිනිසා කරන්නේ ශරීරයෙන් බැහැර ය. එහෙත් අනාචාරය කරන්නා තමාගේ ම ශරීරයට විරුද්ධ ව පව් කරයි.
ඔබ දෙවියන් වහන්සේගේ සෙනඟ වන බැවින්, කාමමිථ්‍යාචාරය හෝ සියලු ආකාර අශිෂ්ටකම් හෝ තණ්හාව හෝ ඔබ අතර සඳහන් කිරීමවත් සුදුසු නැත.
ඔවුන් ඇගේ පියාගේ ගෘහයේ දොරකඩට ඇය ගෙනා පසු, නුවර මිනිසුන් ඇයට ගල් ගසා මරණයට පත් කළ යුතු ය. එසේ කළ යුත්තේ, ඇගේ පියාගේ ගෘහයේ දී ඈ වෙසඟනක ලෙස හැසිරෙමින්, ඉශ්රායෙල් ජනයා අතර නින්දිත දෙයක් කළ බැවිනි. මෙලෙස ඔබ අතරෙන් නපුර පහකළ යුතු වේ.
“ඉශ්රායෙල්වරුන්ගේ දූවරුන් අතර දේවාල වෙසඟනක හෝ ඉශ්රායෙල් පුත්‍රයන් අතර දේවාල සල්ලාලයෙකු හෝ නොසිටිය යුතු ය.
එබැවින් කාමමිථ්‍යාචාරය, අපිරිසිදුකම, කාමරාගය, නපුරු තෘෂ්ණා සහ රූප වැඳීමක් වැනි තණ්හාව යන කාමුක දුසිරිත් නසාදමන්න.
තවද ඔව්හු, ගෙන්-ගෙට යමින් අලස වීමට පුරුදු වෙති. අලස වෙනවා පමණක් නොව, වාචාලකමින් අනුන්ගේ දේවලට ඇඟිලි ගැසීමට ද, නුසුදුසු දේ දෙඩීමට ද පුරුදු වෙති.
විවාහය සියල්ලන් අතර ගෞරවණීය ව ද විවාහ බැම්ම නොකැළැල් ව ද පවතී වා. මන්ද, අවකල්ක්‍රියා කරන්නන් ද කාමමිථ්‍යාචාරිකයන් ද දේව විනිශ්චයට ලක් වනු ඇත.
කැප කරන ලද දෙය ගත් තැනැත්තා මෙසේ අසු වූ කල්හි ඔහු සමිඳාණන් වහන්සේගේ ගිවිසුම කඩ කළ නිසාත්, ඉශ්රායෙල්හි දුෂ්ටකමක් කළ නිසාත් ඔහු හා ඔහු සන්තක සියල්ල ගින්නෙන් පුළුස්සා දැමිය යුතු ය’යි ඔවුන්ට කියන්න.”
එහෙයින්, අන්ධකාරයෙන් ස්වකීය විස්මපත් ආලෝකයට ඔබ කැඳවාගත් තැනැන් වහන්සේගේ මහිමාන්විත ක්‍රියා දන්වනු පිණිස ඔබ වනාහි තෝරාගත් වංශයක් ද රාජකීය පූජක පෙළක් ද ශුද්ධ ජාතියක් ද දෙවියන් වහන්සේ සතු සෙනඟක් ද වන්නහු ය.
එවිට මම මාගේ උපභාර්යාවගේ සිරුර ගෙන, එය කොටස්වලට කපා, ඉශ්රායෙල්වරුන්ට අයිති සියලු පළාත්වලට ඇරියෙමි. එසේ කෙළේ, ඔවුන් ඉශ්රායෙල්හි දුෂ්ටකමක් ද නින්දිතකමක් ද කළ බැවිනි.