ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




උත්පත්ති 34:21 - Sinhala New Revised Version 2018

“මේ මිනිසුන් අපට හිතවත් ය. එබැවින් රටෙහි පදිංචි වී, එහි නිදහස් ව යන්න එන්න ඔවුන්ට ඉඩ හරිමු. බලන්න, රටෙහි ඔවුන්ටත් සෑහෙන තරම් ඉඩ ඇත. අපි ඔවුන්ගේ දූවරුන් භාර්යාවන් කොට ගෙන, අපේ දූවරුන් ඔවුන්ට දෙමු.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

“මේ මිනිසුන් අපට හිතවත් ය. එබැවින් රටෙහි පදිංචි වී, එහි නිදහස් ව යන්න එන්න ඔවුන්ට ඉඩ හරිමු. බලන්න, රටෙහි ඔවුන්ටත් සෑහෙන තරම් ඉඩ ඇත. අපි ඔවුන්ගේ දූවරුන් භාර්යාවන් කොට ගෙන, අපේ දූවරුන් ඔවුන්ට දෙමු.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

මේ මනුෂ්‍යයෝ අප හා සමගිතාවෙන් සිටිති; එහෙයින් ඔව්හු දේශයෙහි වැස වෙළඳාම් කෙරෙත්වා; මක්නිසාද දේශයෙහි ඔවුන්ට හොඳටම ඉඩ තිබේ; අපි ඔවුන්ගේ දූවරුන් භාර්යාවන් කොට ගනිමු, අපගේ දූවරුන් ඔවුන්ට දෙමු.

පරිච්ඡේදය බලන්න



උත්පත්ති 34:21
4 හුවමාරු යොමු  

මෙලෙස ඔබට අප සමඟ වාසය කළ හැක. රට ද ඔබ ඉදිරියෙහි ඇත. එහි වාසය කොට, නිදහසේ වෙළහෙළඳාම් කර වතුපිටි අයිති කරගන්නැ”යි කී ය.


එබැවින් හාමොර් සහ ඔහු පුත් ෂෙකෙම්, නුවර වාසල් දොරටුවට අවුත්, නුවර වැසියන් සමඟ කතා කරමින්,


එහෙත්, අප සමඟ එකට වාසය කර එක සෙනඟක් වීමට ඒ මිනිසුන් කැමැති වන්නේ, අප අතර සිටින සෑම පිරිමියෙකු ම, ඔවුන් චර්මඡේදිත වී ඇති ලෙස, චර්මඡේදිත වුවහොත් පමණ ය.


තවද, නුඹලාගේ බාල ම සහෝදරයා මා වෙත ගෙනෙන්න; මෙයින් නුඹලා ඔත්තුකාරයන් නොවන බවත්, අවංක මිනිසුන් බවත් මම දැනගන්නෙමි. එවිට නුඹලාගේ සහෝදරයා ආපසු මම නුඹලාට දෙන්නෙමි. නුඹලාට ද රටේ වෙළහෙළඳාම් කළ හැකි ය’ කියා කීවේ ය”යි සැළ කළහ.