ඉන්පසු ලාබන් කතා කොට, “මේ ගල් ගොඩ, අද ඔබත් මාත් අතර සාක්ෂියක් පිණිස වේ වා!”යි කී ය. එබැවින් ඊට ගල්යේද් යන නාමය දෙන ලදී.
උත්පත්ති 31:52 - Sinhala New Revised Version 2018 නපුරක් කරනු සඳහා මා මේ ගල් ගොඩ පසු කර ඔබ වෙත නො එන බවටත්, ඔබ ද මේ ගල් ගොඩ සහ සිහිවටනය පසු කර මා වෙත නො එන බවටත් මේ ගල් ගොඩ සාක්ෂියක් වේ වා! මේ සිහිවටනය සාක්ෂියක් වේ වා! Sinhala New Revised Version නපුරක් කරනු සඳහා මා මේ ගල් ගොඩ පසු කර ඔබ වෙත නො එන බවටත්, ඔබ ද මේ ගල් ගොඩ සහ සිහිවටනය පසු කර මා වෙත නො එන බවටත් මේ ගල් ගොඩ සාක්ෂියක් වේ වා! මේ සිහිවටනය සාක්ෂියක් වේ වා! Sinhala Revised Old Version නපුරක් කරන පිණිස මා මේ ගොඩ පසුකර නුඹ වෙතට නේන බවටත් නුඹ මේ ගොඩ සහ මේ කණුව පසුකර මා වෙතට නේන බවටත් මේ ගොඩ සාක්ෂි වේවා, මේ කණුවද සාක්ෂි වේවා. |
ඉන්පසු ලාබන් කතා කොට, “මේ ගල් ගොඩ, අද ඔබත් මාත් අතර සාක්ෂියක් පිණිස වේ වා!”යි කී ය. එබැවින් ඊට ගල්යේද් යන නාමය දෙන ලදී.
තවද, ආබ්‍රහම්ගේ දෙවියන් වහන්සේ ද, නාහෝර්ගේ දෙවියන් වහන්සේ ද අප අතර විනිශ්චය කරන සේක් වා!”යි කීවේ ය. ජාකොබ් ද තම පියා වන ඊසාක් භය භක්තිය වූ දෙවියන් වහන්සේගේ නාමයෙන් දිවුරුම් දුන්නේ ය.
අපේ දවන යාග පූජාවලිනුත්, අපේ යාග පඬුරුවලිනුත්, සහභාගිකමේ පූජාවලිනුත් සමිඳාණන් වහන්සේට වැඳුම්පිදුම් උන් වහන්සේ ඉදිරියෙහි ඉටු කිරීම යුතු බවට, අප සහ ඔබ ද අපට පසුව අපේ දරු පරපුර ද අතරේ එය සාක්ෂියක් වන පිණිසත්, සමිඳාණන් වහන්සේ සමඟ ඔබට සම්බන්ධකමක් නැතැ යි මතු කාලයේ ඔබේ දරු පරපුර විසින් අපේ දරු පරපුරට වත් කියනු නොලබන පිණිසත් ය.