මොහු පදන්-අරාම්හි අරමීය ජාතික බෙතුයෙල්ගේ දුව හා අරමීය ජාතික ලාබන්ගේ සොහොයුරිය ද වන රෙබෙකා සිය බිරිඳ මෙන් සරණපාවාගන්න කල්හි ඔහුගේ වයස අවුරුදු සතළිසකි.
උත්පත්ති 31:20 - Sinhala New Revised Version 2018 ජාකොබ් තමා පලායන බව අරමීය ජාතික ලාබන්ට නොදැන්වූයෙන්, ඔහු රැවටී ය. Sinhala New Revised Version ජාකොබ් තමා පලායන බව අරමීය ජාතික ලාබන්ට නොදැන්වූයෙන්, ඔහු රැවටී ය. Sinhala Revised Old Version යාකොබ් තමා පලා යන බව අරාමියවූ ලාබන්ට නොකියා ඔහුට නොදන්වා සොරෙන් ගියේය. |
මොහු පදන්-අරාම්හි අරමීය ජාතික බෙතුයෙල්ගේ දුව හා අරමීය ජාතික ලාබන්ගේ සොහොයුරිය ද වන රෙබෙකා සිය බිරිඳ මෙන් සරණපාවාගන්න කල්හි ඔහුගේ වයස අවුරුදු සතළිසකි.
ලාබන් තමාගේ බැටළුවන්ගේ ලෝම කපන්නට ගොස් සිටිය දී රාකෙල් තම පියාට අයිති කුල දේවතා රූප සොරා ගත්තා ය.
මෙසේ ජාකොබ් තමා සතු සියල්ල සමඟ පලාගොස් යුප්‍රටීස් නම් ගංගාවෙන් එතෙර වී, ගිලියද් කන්ද බලා ගියේය.
ඔබ රහසින් පලාගියේ මන් ද? මට හොරෙන් ගියේ ඇයි? ප්‍රීති ඝෝෂාවෙන් හා ගීයෙන් ද කිංකිණි රබන් හඬින් හා වීණා නාදයෙන් ද ඔබ පිටත් කර හැරීමට මට හැකි වන සේ, මට නොදැන්නුවේ මන් ද?
“ඉන්පසු ඔබ දෙවි සමිඳාණන් වහන්සේ ඉදිරිපිට මෙසේ කිව යුතු ය: ‘මාගේ ආදි පියා තැනින් තැන සංචාරය කළ අරමීය ජාතිකයෙකි. ඔහු කුඩා පිරිසක් කැටුව මිසරයට ගොස්, එහි කලකට පදිංචි වී මහත් බලසම්පන්න, ගණනින් විශාල ජාතියක් විය.