ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




උත්පත්ති 31:18 - Sinhala New Revised Version 2018

මෙසොපොතේමියාවෙහි දී තමා හිමිකරගත් එළු බැටළු රැළවල් ද, උපයාගත් සියලු සම්පත් ද, තමාගේ සතුන් ද දක්කාගෙන කානාන් දේශයේ තම පියා වන ඊසාක් වෙත යන පිණිස නික්මිණි.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

මෙසොපොතේමියාවෙහි දී තමා හිමිකරගත් එළු බැටළු රැළවල් ද, උපයාගත් සියලු සම්පත් ද, තමාගේ සතුන් ද දක්කාගෙන කානාන් දේශයේ තම පියා වන ඊසාක් වෙත යන පිණිස නික්මිණි.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

තමාගේ සියලු සිව්පාවන්ද පදන්-අරාමේදී තමා සම්බකරගත් සියලු සම්පත්ද තමා ලබාගත් සියලු සිව්පාවන්ද රැගෙන, කානාන් දේශයට තමාගේ පියවූ ඊසාක් වෙතට යන පිණිස ගියේය.

පරිච්ඡේදය බලන්න



උත්පත්ති 31:18
8 හුවමාරු යොමු  

මොහු පදන්-අරාම්හි අරමීය ජාතික බෙතුයෙල්ගේ දුව හා අරමීය ජාතික ලාබන්ගේ සොහොයුරිය ද වන රෙබෙකා සිය බිරිඳ මෙන් සරණපාවාගන්න කල්හි ඔහුගේ වයස අවුරුදු සතළිසකි.


තම පියා ජාකොබ්ට දුන් ආශීර්වාදය නිසා ඒසව් ජාකොබ්ට වෛර බැන්දේ ය. “මාගේ පියාණන් ගැන වැලපෙන දවස් දැන් ආසන්න ය. එවිට මම මාගේ සොහොයුරු ජාකොබ් මරන්නෙමි”යි ඔහු තමාට ම කියාගත්තේ ය.


අනතුරක් නොමැති ව මාගේ පියාගේ ගෘහයට මට ආපසු යන්න සලස්වන සේක් නම්, සමිඳාණන් වහන්සේ මාගේ දෙවියන් වහන්සේ වන සේක.


එවිට ජාකොබ් ද සූදානම් ව, තම පුතුන් හා භාර්යාවන් ඔටුවන් පිට නංවා,


දූතයෝ ජාකොබ් වෙත ආපසු විත්, “අපි ඔබ සොහොයුරු වන ඒසව් වෙත ගියෙමු, ඔහු ද ඔබ හමු වීමට එන්නේ ය. ඇරත් ඔහු සමඟ හාරසියයක පිරිසක් සිටිති”යි කී හ.


සොයාගන්නට කාලයක් සහ නැති වී යන්නට කාලයක් ඇත; තබාගන්නට කාලයක් සහ ඉවත දමන්නට කාලයක් ඇත;