ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




උත්පත්ති 30:7 - Sinhala New Revised Version 2018

රාකෙල්ගේ සේවිකාව වන බිල්හා නැවතත් ගැබ්ගෙන ජාකොබ්ට දාව දෙ වන පුතෙකු ද ලැබුවා ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

රාකෙල්ගේ සේවිකාව වන බිල්හා නැවතත් ගැබ්ගෙන ජාකොබ්ට දාව දෙ වන පුතෙකු ද ලැබුවා ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

රාඛෙල්ගේ දාසීවූ බිල්හා නැවත ගර්භිණීව යාකොබ් නිසා දෙවෙනි පුත්‍රයෙකු බිහිකළාය.

පරිච්ඡේදය බලන්න



උත්පත්ති 30:7
6 හුවමාරු යොමු  

එවිට රාකෙල්, “දෙවියන් වහන්සේ මට යුක්තිය ඉටු කළ සේක. උන් වහන්සේ මාගේ හඬටත් සවන් දී, මට පුතෙකු දුන් සේකැ”යි කියා ඔහුට දාන් යන නාමය තැබුවා ය.


එවිට රාකෙල්, “මාගේ සහෝදරී සමඟ මාර යුද්ධයක් කර ජය ගතිමි”යි කියා ඔහුට නප්තලී යන නාමය තැබුවා ය.


නප්තලීගේ පුත්‍රයන් වන ජාශෙයෙල්, ගුනී, ජේශෙර් සහ ෂිල්ලෙම් ය;


මොවුහු නම් ලාබන් තම දුව වන රාකෙල්ට සේවිකාව වශයෙන් දුන් බිල්හාගේ පුත්‍රයෝ ය. ඈ ජාකොබ්ට දාව මොවුන් ලැබුවා ය. ඒ සියල්ලෝ සත්දෙනෙකි.


ආෂේර්ගේ සීමාව ළඟ නැගෙනහිර පැත්තේ පටන් බස්නාහිර පැත්ත දක්වා නප්තලීට එක කොටසක් ය.


අවුරුදු විස්සක් හා ඊට වඩා වයසැති, යුද්ධ හමුදාවේ සේවාව කළ හැකි, නප්තලීගේ පරපුරට අයත් පිරිමින්ගේ ගණන ඔවුන්ගේ පවුල් හා පෙළපත් හැටියට ලේඛනගත කරන ලදී.