රජ තෙමේ ද, ඇය නිසා ආබ්‍රම්ට හොඳින් සලකා ඔහුට එළු බැටළුවන් ද ගවයන් ද කොටළුවන් ද සේවක සේවිකාවන් හා කොටළු දෙනුන් හා ඔටුවන් ද ප්‍රදානය කෙළේ ය.
උත්පත්ති 30:43 - Sinhala New Revised Version 2018 මෙලෙසින් ජාකොබ් අතිශයින් ධනවත් විය. ඔහුට බොහෝ එළු බැටළු රැළවල් ද දාස දාසීහු ද ඔටුවෝ ද කොටළුවෝ ද වූ හ. Sinhala New Revised Version මෙලෙසින් ජාකොබ් අතිශයින් ධනවත් විය. ඔහුට බොහෝ එළු බැටළු රැළවල් ද දාස දාසීහු ද ඔටුවෝ ද කොටළුවෝ ද වූ හ. Sinhala Revised Old Version ඒ මනුෂ්‍යයා අතිශයින් වර්ධනයවුණේය, ඔහුට රැළවල්ද දාසීහුද දාසයෝද ඔටුවෝද කොටළුවෝද වූවෝය. |
රජ තෙමේ ද, ඇය නිසා ආබ්‍රම්ට හොඳින් සලකා ඔහුට එළු බැටළුවන් ද ගවයන් ද කොටළුවන් ද සේවක සේවිකාවන් හා කොටළු දෙනුන් හා ඔටුවන් ද ප්‍රදානය කෙළේ ය.
සමිඳාණන් වහන්සේ මාගේ ස්වාමියාට ඉමහත් ලෙස ආශීර්වාද කළ සේක. ඔහු දැන් ධනවතෙකි. උන් වහන්සේ ඔහුට එළු බැටළු පට්ටි ද ගව පට්ටි ද රන් රිදී ද දැසිදසුන් ද ඔටුවන් හා කොටළුවන් ද දී තිබේ.
මෙන්න, මම ද නුඹ සමඟ සිටිමි. නුඹ යන සියලු තැන්හි මම නුඹ රැක බලාගෙන මෙම දේශයට ම නුඹ නැවත ගෙනෙන්නෙමි. මන්ද, මා නුඹට කී දේ ඉටු කරන තුරු මම නුඹ අත් නොහරින්නෙමි”යි වදාළ සේක.
මා පැමිණෙන්න පෙර ඔබ සතු ස්වල්ප දේ, දැන් ඉමහත් ලෙස බහුල වී ඇත. මා පැමිණි පසු සමිඳාණන් වහන්සේ ඔබට ආශීර්වාද කළ සේක. දැන් ඉතින් මාගේ පවුලේ අභිවෘද්ධිය තකා මම යමක් සපයන්නේ කවරදා දැ”යි ඇසී ය.
එහෙත්, සත්තු බෙලහීන ව සිටියෝ නම්, ඔහු ඒ දඬු නොතැබී ය. මෙසේ කිරීමෙන් බෙලහීන සත්තු ලාබන්ගේ වූ හ. ශක්තිමත් වූවෝ ජාකොබ්ගේ වූ හ.
“ජාකොබ් අපේ පියා සතු සියල්ල පැහැරගත්තේ ය. අපේ පියා සතු දෙයින් ඔහු තම සියලු සම්පත් ලබා ගත්තේ ය” කියා ලාබන්ගේ පුතුන් කියනු ජාකොබ්ට ඇසිණි.
මාගේ පියාගේ දෙවියන් වහන්සේ ද ආබ්‍රහම්ගේ දෙවියන් වහන්සේ ද ඊසාක් භය භක්තිය වූ දෙවියන් වහන්සේ ද මා සමඟ නොසිටි සේක් නම්, ඔබ දැන් මා හිස් අතින් පිටත් කර හරිනවා සිකුරුයි. එහෙත්, දෙවියන් වහන්සේ මාගේ දුක් පීඩාවත්, මාගේ අත්වල ශ්‍රමයත් දැක ඊයේ රෑ ඔබට තරවටු කළ සේකැ”යි කීවේ ය.
ඔබ වහන්සේගේ දාසයා වන මා හට පෑවා වූ සියලු කරුණාව හා විශ්වාසවන්තකම ලැබීමට මා සුදුස්සෙක් නොවෙමි. මන්ද, මා මේ ජොර්දානෙන් එතෙර වූයේ මාගේ සැරයටියේ ආධාරයෙන් පමණ ය. එහෙත්, දැන් මා කණ්ඩායම් දෙකක් වී ඇත.
තවද, ගවයන් ද කොටළුවන් ද එළු බැටළු පට්ටි ද දැසිදසුන් ද මට ඇත. ඔබ ඉදිරියෙහි ප්‍රසාදය ලබන පිණිස මම මාගේ ස්වාමීන් හට දැන්වීමට මෙම පණිවුඩය එවමි’යි සැළ කළ යුතු යැ”යි කීවේ ය.
එබැවින්, කරුණාකර ඔබ වෙත ගෙනා මාගේ තිළිණය පිළිගන්න. මන්ද, දෙවියන් වහන්සේ මට කරුණා පෑ බැවින් මට උවමනා තරම් ඇතැ”යි කියා ඔහුට පෙරැත්ත කළෙන් ඒසව් එය බාරගත්තේ ය.
මන්ද, ඔවුන්ට එකට පදිංචි වීමට නොහැකි තරමට ඔවුන්ගේ ධනය විශාල විය. ඇරත් ඔවුන් විදේශිකයන් මෙන් විසූ රටෙහි, ඔවුන්ගේ ගොවිපළවල් නිසා ඔවුන්ට ඉඩ මදි විය.
මම දාසදාසීන් මිලේට ගතිමි. මාගේ ගෙයි ම උපන් වැඩකරුවෝත් සිටියෝ ය. මින් පෙර ජෙරුසලමෙහි විසූ අන් කිසිවෙකුට වඩා ගව පට්ටි හා එළු බැටළු පට්ටි මට වූ හ.
ඔවුන් වනයෙන් දර ගෙනෙන්නේ වත්, මූකළාන්වලින් ඒවා කපාගන්නේ වත් නැත. මන්ද, ඔව්හු ආයුධවලින් ගිනි දල්වන්නෝ ය. තමන්ගෙන් කොල්ල කෑ අයගෙන් ඔව්හු කොල්ලකන්නෝ ය. තමන්ගේ සම්පත් උදුරාගත් අයගෙන් සම්පත් උදුරාගන්නෝ ය. මෙසේ වදාරන්නේ මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ ය.”
එහෙත් ඒ දාසයා, ‘මාගේ ස්වාමියාගේ ඊම පමාවනු ඇතැ’යි සිතමින් දැසිදසුන්ට පහර දෙන්නටත් කා බී මත් වන්නටත් පටන් ගතහොත්,