එළු බැටළු රැළවල් වතුර බොන්න ආ විට, උන් ඉදිරිපිට, වතුර ඔරුවල ඒවා තැබුවේ ය. උන් ද වතුර බොන්න ආ කල පට්ටි ගැසුණි.
උත්පත්ති 30:41 - Sinhala New Revised Version 2018 තවද, ඔහු, වඩා ශක්තිමත් සතුන් පට්ටි ගසන සැම විට ම, දඬු ඉදිරියේ ගැබ්ගන්න පිණිස, සතුන් ඉදිරියේ වතුර ඔරුවල ඒවා තැබී ය. Sinhala New Revised Version තවද, ඔහු, වඩා ශක්තිමත් සතුන් පට්ටි ගසන සැම විට ම, දඬු ඉදිරියේ ගැබ්ගන්න පිණිස, සතුන් ඉදිරියේ වතුර ඔරුවල ඒවා තැබී ය. Sinhala Revised Old Version තවද රැළේ වඩා ශක්තිමත් එවුන් ගැබ්ගන්න කල උන් කෝටු ඉදිරිපිටදී ගැබ්ගන්නා පිණිස ඔහු ඒ කෝටු උන්ගේ ඇස් ඉදිරිපිට වතුර ඔරුවල තැබුවේය. |
එළු බැටළු රැළවල් වතුර බොන්න ආ විට, උන් ඉදිරිපිට, වතුර ඔරුවල ඒවා තැබුවේ ය. උන් ද වතුර බොන්න ආ කල පට්ටි ගැසුණි.
පසුව ඔහු බැටළුවන් වෙන් කර ලාබන්ගේ රැළේ සිටි කළු පාට වූ ද, වයිරම් වැටුණා වූ ද සතුන් දෙසට ඔවුන් හැරෙව්වේ ය. ඇරත් ඔහු තමාගේ පට්ටි, ලාබන්ගේ සතුන් සමඟ මිශ්‍ර නොකර, උන් වෙන් කොට තැබී ය.
එහෙත්, සත්තු බෙලහීන ව සිටියෝ නම්, ඔහු ඒ දඬු නොතැබී ය. මෙසේ කිරීමෙන් බෙලහීන සත්තු ලාබන්ගේ වූ හ. ශක්තිමත් වූවෝ ජාකොබ්ගේ වූ හ.