ආබ්‍රම්ගේ භාර්යාව වන සාරයිට දරුවෙක් උපන්නේ නැත. එහෙත්, ඈට හාගර් නම් මිසර ජාතික වහල් කෙල්ලක් සිටියා ය.
උත්පත්ති 29:24 - Sinhala New Revised Version 2018 තවද, ලාබන් තම දාසිය වන ශිල්පා, ලෙයාගේ සේවිකාව වශයෙන් තම දුවට දුන්නේ ය. Sinhala New Revised Version තවද, ලාබන් තම දාසිය වන ශිල්පා, ලෙයාගේ සේවිකාව වශයෙන් තම දුවට දුන්නේ ය. Sinhala Revised Old Version ලාබන් තම දූවූ ලෙයාට තමාගේ දාසීවූ ශිල්පා දාසියක් කොට දුන්නේය. |
ආබ්‍රම්ගේ භාර්යාව වන සාරයිට දරුවෙක් උපන්නේ නැත. එහෙත්, ඈට හාගර් නම් මිසර ජාතික වහල් කෙල්ලක් සිටියා ය.
ඉන්පසු ඔව්හු තම සොහොයුරිය වන රෙබෙකා ද ඇගේ කිරි මව ද ආබ්‍රහම්ගේ මෙහෙකරුවා හා ඔහුගේ පිරිස ද පිටත් කර යැවූ හ.
පසුව එම රාත්‍රියේ ඔහු, තම දුව වන ලෙයා කැඳවා ගෙන ජාකොබ් වෙත ගෙනාවේ ය. ජාකොබ් ද ඈ සමඟ එක් විය.
පසු දින උදය පහන් වූ කල පුදුමයකට මෙන්, එහි සිටියේ ලෙයා ය. එවිට ඔහු ලාබන් අමතා, “ඔබ මට කළ මේ දේ කුමක් ද? මා ඔබට සේවය කෙළේ රාකෙල් නිසා නොවේ ද? ඔබ මා රැවටුවේ මන්දැ”යි ඇසී ය.
ලෙයාගේ සේවිකාව වන ශිල්පාගේ පුත්‍රයෝ නම් ගාද් සහ ආෂෙර් ය. මෙසොපොතේමියාවේ දී ජාකොබ්ට දාව උපන් ඔහුගේ පුත්‍රයෝ මොවුහු ය.
මොවුහු ලාබන් තම දුව වන ලෙයාට සේවිකාව වශයෙන් දුන් ශිල්පාගේ පුත්‍රයෝ ය. ඈ ජාකොබ්ට දාව මොවුන් ලැබුවා ය. මොවුන්ගේ ගණන දහසයදෙනෙකි.