ජාකොබ්, “එසේ නම් අද මා ඉදිරියෙහි දිවුරන්නැ”යි කීවෙන්, ඒසව් ඔහු ඉදිරියෙහි දිවුරුවේ ය. මෙලෙස ඒසව් කුලුඳුල්කමේ උරුමය ජාකොබ්ට විකිණී ය.
උත්පත්ති 27:32 - Sinhala New Revised Version 2018 එවිට තම පියා වූ ඊසාක් ඔහුට කතා කරමින්, “නුඹ කවරෙක් දැ”යි ඇසූ විට, “මම ඔබේ කුලුඳුල් පුත් ඒසව් යැ”යි ඔහු උත්තර දුනි. Sinhala New Revised Version එවිට තම පියා වූ ඊසාක් ඔහුට කතා කරමින්, “නුඹ කවරෙක් දැ”යි ඇසූ විට, “මම ඔබේ කුලුඳුල් පුත් ඒසව් යැ”යි ඔහු උත්තර දුනි. Sinhala Revised Old Version එවිට ඔහුගේ පියවූ ඊසාක්: නුඹ කවරෙක්දැයි ඔහුට කීය. මම ඔබගේ කුලුඳුල් පුත්‍රවූ ඒසව්යයි ඔහු කීය. |
ජාකොබ්, “එසේ නම් අද මා ඉදිරියෙහි දිවුරන්නැ”යි කීවෙන්, ඒසව් ඔහු ඉදිරියෙහි දිවුරුවේ ය. මෙලෙස ඒසව් කුලුඳුල්කමේ උරුමය ජාකොබ්ට විකිණී ය.
ඉන්පසු ජාකොබ් රොටි සහ එලවළු ව්‍යංජනය ඒසව්ට දුනි. ඔහු කා බී, නැඟිට යන්න ගියේය. මෙසේ ඒසව් සිය කුලුඳුල්කමට හිමි උරුමය සුළු කොට සැලකී ය.
ඔහු ද පියා වෙත පැමිණ, “තාත්තේ” කියා ඇමතී ය. පියා ද, “ඇයි පුතා, උඹ කවරෙක් දැ”යි ඇසී ය.