ඔවුන් අමතා, “මා විසින් මගේ මියගිය බිරිඳ වැළලීම පිණිස ඔබ කැමැති නම්, මට සවන් දී, ශොහර් පුත් එප්‍රොන්ගේ ඉඩමෙහි කෙළවර තිබෙන,
උත්පත්ති 25:9 - Sinhala New Revised Version 2018 එවිට ඊසාක් සහ ඉෂ්මායෙල් වන ඔහුගේ පුත්‍රයෝ මම්රේ ඉදිරියෙහි වූ හිත්තීය ජාතික ශොහර්ගේ පුත් එප්‍රොන්ගේ ඉඩමෙහි පිහිටි මක්පේලාගේ ගුහාවෙහි ඔහු භූමදානය කළහ. Sinhala New Revised Version එවිට ඊසාක් සහ ඉෂ්මායෙල් වන ඔහුගේ පුත්‍රයෝ මම්රේ ඉදිරියෙහි වූ හිත්තීය ජාතික ශොහර්ගේ පුත් එප්‍රොන්ගේ ඉඩමෙහි පිහිටි මක්පේලාගේ ගුහාවෙහි ඔහු භූමදානය කළහ. Sinhala Revised Old Version ඔහුගේ පුත්‍රයෝවූ ඊසාක්ද ඉෂ්මායෙල්ද මම්රේ ඉදිරියෙහි හිත්තීය ශොහර්ගේ පුත්‍රවූ එප්‍රොන්ගේ කෙතෙහි මක්පේලා ගුහාවෙහි ඔහු තැන්පත්කළෝය; |
ඔවුන් අමතා, “මා විසින් මගේ මියගිය බිරිඳ වැළලීම පිණිස ඔබ කැමැති නම්, මට සවන් දී, ශොහර් පුත් එප්‍රොන්ගේ ඉඩමෙහි කෙළවර තිබෙන,
ඔහු දිගායු වළඳා පූර්ණ මහලු වයසේ දී මියගොස් තම මුතුන්මිත්තන් හා එක්විය. ඔහුගේ පුත්‍රයන් වූ ඒසව් සහ ජාකොබ් ඔහු භූමදාන කළහ.
මාගේ පියවරුන් මෙන් මා මරණයට පත් වූ විට ඔබ මිසරයෙන් මා ගෙන ගොස් ඔවුන්ගේ සොහොන් භූමියෙහි මා භූමදාන කරන්නැ”යි කී ය. “ඔබ කී පරිදි ම මම ඉටු කරමි”යි ජෝසෙප් පිළිතුරු දුනි.
ආබ්‍රහම් සහ ඔහුගේ බිරිඳ වන සාරා භූමදාන කරන ලද්දේ එහි ය. ඊසාක් සහ ඔහුගේ බිරිඳ වන රෙබෙකා භූමදාන කරන ලද්දේත් එහි ය. මා, ලෙයා භූමදාන කෙළේත් එහි ය.
මෙලෙස ඔව්හු කානාන් දේශයට ඔහු ගෙන ගොස් ආබ්‍රහම් විසින් හිත්තීය ජාතික ඒප්‍රොන්ගෙන් සොහොන් බිමක් ලෙස ඉඩමක් සමඟ සින්නක්කරේට මිලට ගත් මම්රේ ඉදිරිපිට වූ මක්පේලාගේ භූමියේ ගුහාවෙහි ඔහු භූමදාන කළහ.