ඇගේ කුසෙහි හුන් දරුවන් දඟලන්න ගත් විට, “තත්ත්වය මෙහෙම නම් මා ඉඳලා කුමකට දැ”යි කියමින්, ඕ සමිඳාණන් වහන්සේගෙන් විමසීමට ගියා ය.
එවිට ඈ: මෙහෙම නම් මම මක්නිසා ජීවත්වෙම්දැයි කීවාය. ඈ ස්වාමීන්වහන්සේගෙන් විචාරන පිණිස ගියාය.
නුඹලාගේ පුත්‍රයන් ගින්නෙහි පූජා කරමින් නුඹලාගේ පඬුරු ඔප්පු කරන කල, නුඹලා අද දක්වා නුඹලාගේ සියලු දේව රූප කරණකොටගෙන කිළුටු වන්නහු ද? කරුණු මෙසේ ව තිබිය දී ඉශ්රායෙල් ජනයෙනි, නුඹලා තවමත් මාගේ කැමැත්ත විමසන පිණිස පැමිණෙන්නහු ය. මාගේ ජීවමාන නාමයෙන් දිවුරා නුඹලාට මාගෙන් විමසන්න ඉඩ නොදෙමි යි මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ වදාරන සේක.
මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: “මාගෙන් උපකාර ඉල්ලීමට යළිත් වරක් මම ඉශ්රායෙල් සෙනඟට ඉඩ දෙන්නෙමි. බැටළු රැළක් මෙන් ඔවුන්ගේ ගණන වැඩි කරන්නෙමි.
එබැවින් ඔව්හු, “ඒ මිනිසා මෙහි ඇවිත් සිටී දැ”යි යළිත් සමිඳාණන් වහන්සේගෙන් ඇසුවෝ ය. සමිඳාණන් වහන්සේ පිළිතුරු දෙමින්, “ඔහු භාණ්ඩ අතරේ සැඟවී සිටී”යි වදාළ සේක.
මා ඔහු උදෙසා දෙවියන් වහන්සේගෙන් විමසන්න පටන්ගත්තේ මේ දවසේ පමණක් ද? කොහෙත් ම නැත. රජ්ජුරුවෝ තමාගේ මෙහෙකරු වූ මා කෙරෙහි වත්, මාගේ ඥාතීන් කිසිවෙකු කෙරෙහි වත් වරද නොතබත් වා. මන්ද, ඔබේ මෙහෙකරුවා මේ කැරලි ගැසීම ගැන කිසිවක් නොදන්නේ ය”යි කීවේ ය.
සාවුල් සමිඳාණන් වහන්සේගෙන් කරුණු විමසූ කල, උන් වහන්සේ ස්වප්නවලින් වත්, උරිම් පස ඇටවලින් වත්, දිවැසිවරුන් ලවා වත් ඔහුට පිළිතුරු නුදුන් සේක.
දාවිත් සමිඳාණන් වහන්සේගෙන් විචාරමින්, “මම මේ හමුදාව ලුහුබැඳ ගියොත්, ඔවුන් කරා පැමිණෙන්නට මට පුළුවන් වේ දැ”යි ඇසුවේ ය. උන් වහන්සේ ඔහුට පිළිතුරු දෙමින්, “ලුහුබැඳ යන්න; මන්ද, නුඹ සැබැවින් ම ඔවුන් කරා පැමිණ නොවරදවා සිරකරුවන් සියලු දෙනා ම නැවත ලබාගනු ඇතැ”යි වදාළ සේක.
පෙර කාලයේ දී ඉශ්රායෙල්හි මිනිසෙක් දෙවියන් වහන්සේගෙන් යම් කරුණක් විමසන්නට යන විට, “දිවැස් ඇත්තා ළඟට යමි”යි කියන්නේ ය. දැන් දිවැසිවරයා යයි කියන තැනැත්තා පෙර කාලයේ දී දිවැස් ඇත්තා යයි කියනු ලැබී ය. එවිට සාවුල් කතා කොට, “ඔබේ යෝජනාව හොඳයි; එන්න, අපි යමු”යි තම වැඩකාරයාට කීවේ ය. මෙසේ ඔව්හු දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයා සිටි නුවරට ගියෝ ය.