එප්‍රොන්, හිත්තීවරුන් මැද වාඩි වී සිටියේ ය. හිත්තීය ජාතික ඔහු හිත්තීවරුන්ට හා නුවර වාසල දොරටුව ළඟ සිටි සියල්ලන්ට ඇසෙන පරිදි, ආබ්‍රහම්ට කතා කොට,
උත්පත්ති 23:9 - Sinhala New Revised Version 2018 ඔහු සතු මක්පේලාගේ ගුහාව මට දෙන ලෙස, මා වෙනුවෙන්, කරුණාකර, ඔහුගෙන් ඉල්ලනු මැනවි. එහි වටිනාකම අනුව සෑහෙන මිලකට සොහොන් බිම ඔබ ඉදිරියෙහි හිමි කර දෙන ලෙස කියන්නැ”යි පැවසී ය. Sinhala New Revised Version ඔහු සතු මක්පේලාගේ ගුහාව මට දෙන ලෙස, මා වෙනුවෙන්, කරුණාකර, ඔහුගෙන් ඉල්ලනු මැනවි. එහි වටිනාකම අනුව සෑහෙන මිලකට සොහොන් බිම ඔබ ඉදිරියෙහි හිමි කර දෙන ලෙස කියන්නැ”යි පැවසී ය. Sinhala Revised Old Version තමා සන්තකවූ මක්පේලායේ ගුහාව මට දෙන ලෙස මා වෙනුවෙන් ඔහුගෙන් ඉල්ලුව මැනවි; නුඹලා අතරෙහි මට හිමිවූ සොහොන්පළක් පිණිස එය වටින මිල ගණනට ඔහු මට දේවයි කීවේය. |
එප්‍රොන්, හිත්තීවරුන් මැද වාඩි වී සිටියේ ය. හිත්තීය ජාතික ඔහු හිත්තීවරුන්ට හා නුවර වාසල දොරටුව ළඟ සිටි සියල්ලන්ට ඇසෙන පරිදි, ආබ්‍රහම්ට කතා කොට,
“ආගන්තුකයෙක් වූ මම ඔබ සමඟ ටික කලකට වාසය කරන්නෙක්මි. මාගේ භාර්යාවගේ මළසිරුර ගෙන ගොස් වැළලීම පිණිස මට ම උරුම වන ලෙස සොහොන් පොළක් මට දෙන්නැ”යි කීවේ ය.
ඔවුන් අමතා, “මා විසින් මගේ මියගිය බිරිඳ වැළලීම පිණිස ඔබ කැමැති නම්, මට සවන් දී, ශොහර් පුත් එප්‍රොන්ගේ ඉඩමෙහි කෙළවර තිබෙන,
යථෝක්ත ඉඩම ආබ්‍රහම්, හිත්තීවරුන්ගෙන් මිලට ගත් එකකි. එහි ආබ්‍රහම් ද ඔහුගේ බිරිඳ වන සාරා ද භූමදාන කරනු ලැබූ හ.
ඉන්පසු ජාකොබ් ඔවුන්ට අණ කරමින් කතා කොට, “මම මාගේ සෙනඟට එකතු වෙන්න යමි. හිත්තීය ජාතික ඒප්‍රොන්ගේ ඉඩමෙහි ඇති ගුහාවෙහි,
මෙලෙස ඔව්හු කානාන් දේශයට ඔහු ගෙන ගොස් ආබ්‍රහම් විසින් හිත්තීය ජාතික ඒප්‍රොන්ගෙන් සොහොන් බිමක් ලෙස ඉඩමක් සමඟ සින්නක්කරේට මිලට ගත් මම්රේ ඉදිරිපිට වූ මක්පේලාගේ භූමියේ ගුහාවෙහි ඔහු භූමදාන කළහ.
එවිට දාවිත් කතා කොට, “සෙනඟ අතරෙන් වසංගතය පහවන පිණිස සමිඳාණන් වහන්සේට පූජාසනයක් ගොඩනැඟීමට කමතේ ඉඩම මට දෙන්න. එහි මුළු වටිනාකම අනුව එය මට දෙන්න ඕනෑ ය”යි ඔර්ණාන්ට කීවේ ය.
දාවිත් රජ ද පිළිතුරු දෙමින්, “එසේ නොවේ, එහි මුළු වටිනාකම අනුව එය මම ඔබෙන් ගන්නෙමි. මන්ද, ඔබට අයිති දේ මම සමිඳාණන් වහන්සේ උදෙසා නොගන්නෙමි. වියදමක් නැති ව දවන යාග පූජා නොපුදන්නෙමි”යි ඔර්ණාන්ට කීවේ ය.
කිසිවෙකුට නපුරට නපුර නොකරන්න. සියල්ලන් ඉදිරියෙහි උසස් යයි සම්මත දේ කිරීමට සිතට ගන්න.
එකිනෙකාට ප්‍රේම කිරීම හැර අන් කිසිවක් ගැන කිසිවෙකුට ණය ගැති නොවන්න. අසල්වැසියාට ප්‍රේම කරන්නෝ ව්‍යවස්ථාව ඉටු කරති.