එහෙත්, උන් වහන්සේ උත්තර දෙමින්, “සැබැවින් ම නුඹේ බිරිඳ වන සාරා නුඹට පුතෙකු ලබා දෙන්නී ය. ඔහුට ‘සිනාසීම’ යන අර්ථය ඇති ‘ඊසාක්’ යන නම දෙන්න, මම ද මාගේ ගිවිසුම, සදාතන ගිවිසුමක් වශයෙන් ඔහු සමඟ ද, ඔහුගෙන් පැවතෙන පෙළපත සමඟ ද පිහිටුවමි.
උත්පත්ති 21:3 - Sinhala New Revised Version 2018 ආබ්‍රහම්, තම පුත්‍රයාට ඊසාක් යන නම තැබී ය. Sinhala New Revised Version ආබ්‍රහම්, තම පුත්‍රයාට ඊසාක් යන නම තැබී ය. Sinhala Revised Old Version ආබ්‍රහම්ද තමාට උපන්නාවූ, සාරා තමාට බිහිකළාවූ තමාගේ පුත්‍රයාට ඊසාක් යන නම තැබීය. |
එහෙත්, උන් වහන්සේ උත්තර දෙමින්, “සැබැවින් ම නුඹේ බිරිඳ වන සාරා නුඹට පුතෙකු ලබා දෙන්නී ය. ඔහුට ‘සිනාසීම’ යන අර්ථය ඇති ‘ඊසාක්’ යන නම දෙන්න, මම ද මාගේ ගිවිසුම, සදාතන ගිවිසුමක් වශයෙන් ඔහු සමඟ ද, ඔහුගෙන් පැවතෙන පෙළපත සමඟ ද පිහිටුවමි.
එහෙත්, ලබන අවුරුද්දේ මේ කාලයේ දී සාරා නුඹට උපදවන ඊසාක් සමඟ මම මාගේ ගිවිසුම පිහිටුවමි”යි වදාළ සේක.
එහෙත්, දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට කතා කොට, “නුඹ හාගර් හා ඉෂ්මායෙල් නිසා කණගාටු නොවන්න. සාරා නුඹට කී සියල්ලට ම සවන් දෙන්න. ඒ මන්ද, නුඹේ පෙළපත ඇති වන්නේ ඊසාක් මඟින් ය.
සාරා ද කතා කරමින්, “දෙවියන් වහන්සේ මා හිනැස්සූ සේක. මේ ගැන අසන සියල්ලන් මා සමඟ සිනාසෙනු ඇත.
එවිට උන් වහන්සේ “නුඹ දැන්, නුඹේ පුත්‍රයා-නුඹ ප්‍රේම කරන නුඹේ එක ම පුත්‍රයා වන ඊසාක් ගෙන මොරියා දේශයට යන්න, එහි ගොස්, මා නුඹට පෙන්වන කන්ද මත දවන යාග පූජාවක් මෙන් ඔහු මට ඔප්පු කරන්නැ”යි වදාළ සේක.
ආබ්‍රහම්ට දාව ඊසාක් ද, ඊසාක්ට දාව ජාකොබ් ද, ජාකොබ්ට දාව ජූදා සහ ඔහුගේ සහෝදරයෝ ද උපන්හ.
තවද, උන් වහන්සේ ගිවිසුමේ ලකුණක් වශයෙන් චර්මඡේදනය ඔහුට දුන් සේක. මෙසේ ආබ්‍රහම්ට දාව ඊසාක් ද උපන්නේ ය. ආබ්‍රහම් අට වන දා ඔහු චර්මඡේදනය කෙළේ ය. ඊසාක්ට දාව ජාකොබ් ද, ජාකොබ්ට දාව කුලපතියෝ දොළොස් දෙනා ද උපන්හ. ඔව්හු සියල්ලෝ චර්මඡේදනය කරනු ලැබූ හ.
එමෙන් ම ආබ්‍රහම්ගෙන් පැවත එන සියල්ලෝ ම ඒ නිසා ම ඔහුගේ දරුවෝ නොවෙති. කෙසේ වෙතත්, “ඔබට පෙළපත ලැබෙන්නේ ඊසාක් ගෙන් ය”යි ලියා ඇත.
“ඔබේ වංශය ඊසාක්ගෙන් පැවත එන්නේ ය” යන දේව පොරොන්දුව ආබ්‍රහම් සතුටින් පිළිගත් නමුත්, සිය ඒකජාතක පුත්‍රයා පූජා කිරීමට සූදානම් ව සිටියේ ය.
මම ඒ ගංගාව එතෙරින් නුඹලාගේ පිය වූ ආබ්‍රහම් කැඳවාගෙන කානාන් දේශය මුළුල්ලෙහි ගෙන ගොස්, ඔහුගේ වංශය වැඩි කෙළෙමි. මම ඔහුට ඊසාක් දුනිමි.