සමිඳාණන් වහන්සේ ආබ්‍රම්ට කතා කොට, “නුඹේ මවු බිම ද නුඹේ නෑදෑයන් ද නුඹේ පියාගේ ගෘහය ද අත්හැරදමා, මා පෙන්වන්නට යන දේශයට යන්න.
උත්පත්ති 20:13 - Sinhala New Revised Version 2018 තවද, දෙවියන් වහන්සේ මාගේ පියාගේ ගෘහයෙන් පිට වී යන්නට මට සැලැසූ විට, ‘නුඹට මා වෙනුවෙන් පෙන්විය හැකි එක ම කරුණාව නම්, අප යන යන තැන, ‘ඔහු මාගේ සහෝදරයා ය’යි කියන මෙන් මම ඇගෙන් ඉල්ලීමි’ ”යි කී ය. Sinhala New Revised Version තවද, දෙවියන් වහන්සේ මාගේ පියාගේ ගෘහයෙන් පිට වී යන්නට මට සැලැසූ විට, ‘නුඹට මා වෙනුවෙන් පෙන්විය හැකි එක ම කරුණාව නම්, අප යන යන තැන, ‘ඔහු මාගේ සහෝදරයා ය’යි කියන මෙන් මම ඇගෙන් ඉල්ලීමි’ ”යි කී ය. Sinhala Revised Old Version තවද දෙවියන්වහන්සේ මාගේ පියාගේ ගෙයින් යන්ට මට සැලැස්සූ කල මම ඈට කථාකර: නුඹ මට පෙන්විය යුතු කරුණාව මේය, අප පැමිණෙන්නාවූ සියලු තැන්හිදීම-ඔහු මාගේ සහෝදරයායයි මා ගැන කියන්නැයි කීමියි කීයේය. |
සමිඳාණන් වහන්සේ ආබ්‍රම්ට කතා කොට, “නුඹේ මවු බිම ද නුඹේ නෑදෑයන් ද නුඹේ පියාගේ ගෘහය ද අත්හැරදමා, මා පෙන්වන්නට යන දේශයට යන්න.
එහෙත්, සැබැවින් ම ඈ මාගේ සොහොයුරී ය. ඈ මගේ මවගේ නොව පියාගේ දුව ය. මම ඈ සමඟ විවාහ වුණෙමි.
ආබ්‍රහම් පවා ඈ තමාගේ සහෝදරී යැයි කීවා නොවේ ද? ඈ වුව ද ඔහු ඇගේ සහෝදරයා ය යි කීවා ය. මා මෙය කෙළේ හෘදය සාක්ෂියට එකඟ ව අවංක සිතකිනි”යි කී ය.
දුෂ්ට අරමුණු සඳහා ඔව්හු එකිනෙකාට අනුබල දෙන්නෝ ය; ඔවුන්ගේ උගුල කොතැන සඟවා අටවන්න දැ යි සාකච්ඡා කරන්නෝ ය. “අප දකින කෙනෙක් නැතැ”යි ඔව්හු සිතන්නෝ ය.
එවිට පේදුරු ඇය අමතා, “ස්වාමීන්ගේ ආත්මයාණන් පරීක්ෂා කරන්නට ඔබ දෙපොල එකඟ වූයේ කෙසේ ද? අන්න, ඔබේ පුරුෂයා ගෙන ගොස් වැළැලූ අය දොර ළඟ සිටිති. ඔව්හු ඔබ ද එලෙස ම ගෙන යන්නෝ ය”යි කී ය.
ඇදහිල්ලෙන්, ආබ්‍රහම් කැඳවීම ලැබූ කල, තමා යන්නේ කොහේ දැ යි නොදැන, තමාට උරුමයක් පිණිස පසු ව ලැබෙන්නට යන ස්ථානයකට පිටත් ව යන ලෙස කීකරු වී, නික්ම ගියේ ය.
සාවුල් පිළිතුරු දෙමින් මෙසේ කීවේ ය: “ඔබ මට අනුකම්පා කළ නිසා සමිඳාණන් වහන්සේ ඔබට ආශීර්වාද කරන සේක් වා!