උත්පත්ති 2:21 - Sinhala New Revised Version 2018 එවිට දෙවි සමිඳාණන් වහන්සේ මිනිසා බර නින්දකට පත් කළ සේක. ඔහු නිදා සිටිය දී උන් වහන්සේ ඔහුගේ ඉල ඇටවලින් එකක් ගෙන ඒ ස්ථානය වසා දැමූ සේක. Sinhala New Revised Version එවිට දෙවි සමිඳාණන් වහන්සේ මිනිසා බර නින්දකට පත් කළ සේක. ඔහු නිදා සිටිය දී උන් වහන්සේ ඔහුගේ ඉල ඇටවලින් එකක් ගෙන ඒ ස්ථානය වසා දැමූ සේක. Sinhala Revised Old Version ස්වාමිවූ දෙවියන්වහන්සේ මනුෂ්‍යයාට බරවූ නින්දක් පැමිණෙවූසේක, ඔහු නිදාගත්තේය; උන්වහන්සේ ඔහුගේ ඉළ ඇටවලින් එකක් ගෙන ඒ ස්ථානය මාංසයෙන් පිරෙවූසේක. |
එතුමාණෝ සිහිනයකින් හෝ රැයේ දර්ශනයකින් හෝ මිනිසා බර නින්දට පැමිණි විට යහන මත නින්දේ දී හෝ ඔහුට කතා කරන සේක.
මෙසේ දාවිත් සාවුල්ගේ හිස ළඟ තිබුණ හෙල්ලයත්, වතුර භාජනයත් ගෙන පිට වී ගියේ ය. එය කිසිවෙකු දුටුවේ වත්, දැනගත්තේ වත් නැත. කිසිවෙකු පිබිදුණේත් නැත; සමිඳාණන් වහන්සේ බර නින්දකට සියලු දෙනා පත්කර තිබුණ බැවින් ඔව්හු සියල්ලෝ ම නිදාගෙන සිටියහ.