දෙවියන් වහන්සේ තමන් මවා වදාළ සියලු දේ නරඹා, එය ඉතා යහපත් බව දුටු සේක. සවස ගත විය, උදය උදා විය, ඒ සය වන දවස ය.
උත්පත්ති 2:2 - Sinhala New Revised Version 2018 දෙවියන් වහන්සේ තමන් කළ කාර්යය සත් වන දවසෙහි නිමවා, එදින සියලු වැඩ නතර කළ සේක. Sinhala New Revised Version දෙවියන් වහන්සේ තමන් කළ කාර්යය සත් වන දවසෙහි නිමවා, එදින සියලු වැඩ නතර කළ සේක. Sinhala Revised Old Version දෙවියන්වහන්සේ තමන් විසින් කළ ස්වකීය කර්මාන්තය සත්වෙනි දවසේ නිමකළසේක. උන්වහන්සේ තමන් විසින් කරනලද සියලු වැඩවලින් සත්වෙනි දවසේ නිවාඩු ගත්සේක. |
දෙවියන් වහන්සේ තමන් මවා වදාළ සියලු දේ නරඹා, එය ඉතා යහපත් බව දුටු සේක. සවස ගත විය, උදය උදා විය, ඒ සය වන දවස ය.
මෙසේ උන් වහන්සේ සත් වන දවසට ආසිරි පතා එය ශුද්ධ දවසක් ලෙස වෙන් කර වදාළ සේක. එසේ කෙළේ ඒ දවසේ උන් වහන්සේ සිය මැවීමේ කාර්යය නිමවා, වැඩ නතර කළ හෙයිනි.
දින හයක් නුඹ වැඩ කොට, හත් වන දින නුඹේ ගවයාට සහ කොටළුවාට විවේකය ලැබෙන පිණිසත්, නුඹේ දාසියගේ පුතුට හා විදේශිකයාට ශරීර ශක්තිය ලැබෙන පිණිසත් නුඹ විවේක ගත යුතු ය.
දවස් හයක් තුළ වැඩ කළ හැක, එහෙත් හත් වන දින, සමිඳාණන් වහන්සේ වන මට වෙන් කළ නිවාඩුවේ සබත් දිනය යි. සබත් දින වැඩ කරන සෑම කෙනෙක් ම මරණයට පත් කරනු ලැබිය යුතු වේ.
එය මාත්, ඉශ්රායෙල් ජනයාත් අතර සදා පවතින ලකුණකි. මන්ද, සමිඳාණන් වහන්සේ වන මම දින හයක් තුළ අහස හා පොළොව ද සාදා, හත් වන දින වැඩ නවතා, නිවාඩු ගත්තෙමි’ කියා කියන්න.”
සමිඳාණෝ මෙසේ වදාරන සේක: “නුඹලා සබත් දවස ශුද්ධ ලෙස පවත්වා, ඒ දවසේ දී නුඹගේ කැමැත්ත නොකර, සමිඳුන්ගේ සබත ප්‍රිය වන ගෞරවණීය දවසක් යයි කියන්නහු නම්, ඒ දවසේ දී ගමන් බිමන් නොගොස්, ගනුදෙනු නොකර, අල්ලාප සල්ලාප නොදොඩා ඒ දවසට ගෞරව කරන්නහු නම්,
එහෙත්, ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, “මාගේ පියාණන් වහන්සේ නොනැවතී ම වැඩ කරන සේක; මමත් වැඩකරමි”යි වදාළ සේක.
එහෙත්, හත් වන දවස නුඹේ දෙවි සමිඳාණන් වහන්සේට කැප වූ සබත ය. එදින නුඹ වත්, නුඹේ පුතා වත්, දුව වත්, නුඹේ සේවකයා වත්, සේවිකාව වත්, නුඹේ ගවයා වත්, කොටළුවා වත්, ගවමහිෂයන් වත්, නුඹේ වාසල් දොරටු සීමා තුළ සිටින ආගන්තුකයා වත් කිසි වැඩක් නොකළ යුතු ය. එවිට නුඹට මෙන් ම නුඹේ සේවක සේවිකාවන්ට ද නිවාඩු ගත හැකි ය.
දෙවියන් වහන්සේ සිය කටයුතුවලින් නිවාඩු ගත්තාක් මෙන්, උන් වහන්සේගේ විශ්‍රාමයට ඇතුළු වූ තැනැත්තා ද, සිය කටයුතුවලින් නිවාඩු ගන්නේ ය.
උන් වහන්සේ එක් තැනක සත් වන දවස ගැන කතා කොට, “දෙවියන් වහන්සේ තමන් සියලු කටයුතුවලින් සත් වන දවසේ දී නිවාඩු ගත් සේකැ”යි කියා තිබේ.