දෙවියන් වහන්සේ තමන් මවා වදාළ සියලු දේ නරඹා, එය ඉතා යහපත් බව දුටු සේක. සවස ගත විය, උදය උදා විය, ඒ සය වන දවස ය.
උත්පත්ති 2:18 - Sinhala New Revised Version 2018 පසුව දෙවි සමිඳාණන් වහන්සේ කතා කොට, “මිනිසා තනි ව විසීම සුදුසු නැත; ඔහුට සුදුසු සහකාරියක මවා දෙන්නෙමි”යි වදාළ සේක. Sinhala New Revised Version පසුව දෙවි සමිඳාණන් වහන්සේ කතා කොට, “මිනිසා තනි ව විසීම සුදුසු නැත; ඔහුට සුදුසු සහකාරියක මවා දෙන්නෙමි”යි වදාළ සේක. Sinhala Revised Old Version ස්වාමිවූ දෙවියන්වහන්සේ කථාකොට: මනුෂ්‍යයා තනියම සිටීම හොඳනැත; ඔහුට සුදුසු සහකාරියක් සාදාදෙන්නෙමියි කීසේක. |
දෙවියන් වහන්සේ තමන් මවා වදාළ සියලු දේ නරඹා, එය ඉතා යහපත් බව දුටු සේක. සවස ගත විය, උදය උදා විය, ඒ සය වන දවස ය.
මෙසේ මිනිසා සියලු ගවමහිෂයන්ට ද අහසේ පක්ෂීන්ට ද සියලු මෘගයන්ට ද නම් තැබී ය. එහෙත්, ඔහුට සුදුසු සහකාරියක් නොවූවා ය.
ඔහු ද පිළිතුරු දෙමින්, “ඔබ මට සහකාරිය වශයෙන් දුන් ස්ත්‍රිය ඒ ගසේ ගෙඩි කඩා මට දුන්නා ය; මමත් කෑවෙමි”යි පැවසී ය.
යමෙක් දැඩි රාගික ඇල්ම නිසා තම විවාහ අපේක්ෂිකාව පිළිබඳ ව තමා සුදුසු ලෙස ක්‍රියා නොකරන බවත්, විවාහ වීම යුතු බවත් ඔහුට හැඟේ නම්, ඔහුගේ කැමැත්ත අනුව, ඔව්හු විවාහ වෙත් වා. එහි පාපයක් නැත.
එසේ ම පුරුෂයෙනි, ඔබගේ විවාහ ජීවිතයේ දී ඔබත් ඔබගේ භාර්යාවන් සමඟ අවබෝධයෙන් යුතු ව හැසිරෙන්න. ඔවුන් දුබල පක්ෂය වන බැවින් ඔවුන්ට ගෞරව කරන්න. මන්ද, ඔබ හා සමඟ ඔව්හු ද දෙවියන් වහන්සේ නොමිලයේ දෙන දීමනාව වූ ජීවිතයට හවුල් උරුමක්කාරයෝ වන්නහු ය. එවිට ඔබේ යාච්ඤාවලට බාධා නොපැමිණෙයි.
එවිට රූත්ගේ නැන්දම්මා වන නයෝමි ඈ අමතා මෙසේ පැවසුවා ය: “මාගේ දුව, ඔබේ ශුභසිද්ධිය සඳහා ඔබට කටයුත්තක් කර දීම මාගේ යුතුකම නොවේ ද?