උත්පත්ති 18:15 - Sinhala New Revised Version 2018 සාරා ද බිය වී, “මා සිනාසුණේ නැතැ”යි කීවා ය. එහෙත්, අමුත්තා, “නැහැ, නුඹ සිනාසුණා ය”යි කී ය. Sinhala New Revised Version සාරා ද බිය වී, “මා සිනාසුණේ නැතැ”යි කීවා ය. එහෙත්, අමුත්තා, “නැහැ, නුඹ සිනාසුණා ය”යි කී ය. Sinhala Revised Old Version සාරා භයවූ බැවින්: මා සිනාසුණේ නැතැයි කීවාය. උන්වහන්සේද: නැත; නුඹ සිනාසුණායයි කීසේක. |
සමිඳාණන් වහන්සේට බැරි දෙයක් ඇද් ද? දරු උපතට නියම කාලය පැමිණි විට මම නුඹ වෙත ආපසු එමි. එවිට සාරා පුතෙකු ලබන්නී ය”යි වදාළ සේක.
අමුත්තෝ තිදෙන ද එතැනින් නික්ම සොදොම් නුවර බලා පිටත් වූ හ. ආබ්‍රහම් ද මඟපෙන්වීමට ඔවුන් සමඟ ගියේය.
එවිට සමිඳාණන් වහන්සේ කායින්ට කතා කොට, “නුඹේ සහෝදර ආබෙල් කොහේ දැ”යි ඇසූ සේක. කායින් ද උත්තර දෙමින්, “මම නොදනිමි. මම මාගේ සහෝදරයාගේ භාරකරු දැ”යි ඇසී ය.
එහෙත්, ජෝබ් පිළිතුරු දෙමින්, “මෝඩ ගෑණියක වාගේ ඔබ කතා කරයි. අපි දෙවියන් වහන්සේ අතින් සැපත පිළිගනිමු නම්, විපතත් පිළිගත යුතු නොවේ දැ”යි ඇසී ය. මේ සියල්ලේ දී ම ජෝබ් වචන මාත්‍රයකින් වත් පව් කෙළේ නැත.
ඔවුන් මෙසේ තර්ක කරන බව ජේසුස් වහන්සේගේ සිතට එකෙණෙහි ම දැනී, ඔවුන්ට කතා කොට, “ඔබ කුමක් නිසා ඔබේ සිත් තුළ මෙසේ තර්ක කරන්නහු ද?
එවිට දොරටුපාලී, “ඔබත් මේ මිනිසාගේ ශ්‍රාවකයන්ගෙන් එක් කෙනෙක් නොවේ දැ”යි ඇසුවා ය. “නැතැ”යි ඔහු පිළිතුරු දුනි.
මිනිස් සිතෙහි ඇති දෙය උන් වහන්සේ දැන සිටි බැවින්, මනුෂ්‍යයා ගැන කිසිවෙකුගේ සාක්ෂියක් උන් වහන්සේට අවශ්‍ය නො වී ය.
ඉදින් ව්‍යවස්ථාවෙහි කියන ලද සියල්ල ම ව්‍යවස්ථාව යටතෙහි සිටින්නන්ට කියන ලද බව අපි දනිමුව. එසේ වන්නේ සියල්ලන්ගේ කටවල් පියවනු ලබන පිණිසත්, මුළු ලෝකයා දෙවියන් වහන්සේගේ විනිශ්චයට යටත් කරනු ලබන පිණිසත් ය.