ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




උත්පත්ති 14:4 - Sinhala New Revised Version 2018

දොළොස් අවුරුද්දක් තිස්සේ කෙදොර්-ලායොමෙර් රජු යටතේ වහල් මෙහෙවර කළ මොවුහු දහතුන් වන අවුරුද්දේ දී කැරලිගැසූ හ.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

දොළොස් අවුරුද්දක් තිස්සේ කෙදොර්-ලායොමෙර් රජු යටතේ වහල් මෙහෙවර කළ මොවුහු දහතුන් වන අවුරුද්දේ දී කැරලිගැසූ හ.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ඔව්හු දොළොස් අවුරුද්දක් කෙදොර්-ලායොමෙර්ට මෙහෙකොට දහතුන්වෙනි අවුරුද්දේ කැරළිගැසුවෝය.

පරිච්ඡේදය බලන්න



උත්පත්ති 14:4
5 හුවමාරු යොමු  

එසමයෙහි ෂීනාර්හි රජ වූ අම්රාපෙල් ද, එල්ලාසාර්හි රජ වූ අරියොක් ද, එලාම්හි රජ වූ කෙදොර්-ලායොමෙර් ද, ගෝයිම්හි රජ වූ තිදාල් ද යන රජවරු වූ හ.


මෙකී රජවරු පස්දෙන දැන් මළ මුහුද නමින් හැඳින්වෙන සිද්දීම් මිටියාවතෙහි සමගි පෙරමුණක් බැඳ ගත්හ.


දහහතර වන අවුරුද්දේ දී කෙදොර්-ලායොමෙර් සිය මිත්‍ර රජවරුන් සමඟ විත්, අෂ්තෙරොත්-කර්ණයිම්හි විසූ රෙපාවරුන් ද හාම්හි සිටි සුසිවරුන් ද කිරියාතායිම් තැනිතලාවේ විසූ ඒමිවරුන් ද


එහෙත්, ජුදාවේ රජ කැරලිගසා අශ්වයන් සහ බොහෝ සෙනඟ ලබාගන්න පිණිස තමාගේ තානාපතියන් මිසරයට යැව්වේ ය. ඔහු ජය ගනීවි ද? මෙබඳු දේ කරන්නාට ගැළවෙන්න පුළුවන් ද? ගිවිසුම කඩ කළායින් පසුත් ඔහුට ගැළවෙන්න හැකි වේ ද?