කානානිවරුන්ගේ දේශ සීමා සීදොන් සිට ගෙරාර් දෙසට පිහිටි ගාසා දක්වා ද සොදොම්, ගොමොරා, අදිමා සහ ශෙබොයිම් දෙසට පිහිටි ලාෂා දක්වා ද පැතිරී ඇත.
උත්පත්ති 14:3 - Sinhala New Revised Version 2018 මෙකී රජවරු පස්දෙන දැන් මළ මුහුද නමින් හැඳින්වෙන සිද්දීම් මිටියාවතෙහි සමගි පෙරමුණක් බැඳ ගත්හ. Sinhala New Revised Version මෙකී රජවරු පස්දෙන දැන් මළ මුහුද නමින් හැඳින්වෙන සිද්දීම් මිටියාවතෙහි සමගි පෙරමුණක් බැඳ ගත්හ. Sinhala Revised Old Version මොවුන් සියල්ලෝ ලුණු මුහුද වූ සිද්දීම් මිටියාවතෙහි එකට රැස්වූවෝය. |
කානානිවරුන්ගේ දේශ සීමා සීදොන් සිට ගෙරාර් දෙසට පිහිටි ගාසා දක්වා ද සොදොම්, ගොමොරා, අදිමා සහ ශෙබොයිම් දෙසට පිහිටි ලාෂා දක්වා ද පැතිරී ඇත.
තවද, සිද්දීම් මිටියාවතෙහි බොහෝ කීල් පතල් තිබිණි. සොදොම් හා ගොමොරාහි රජවරු පලා ගොස්, ඒවායේ වැටුණාහ. සෙස්සෝ කඳුකරයට පලා ගියහ.
දොළොස් අවුරුද්දක් තිස්සේ කෙදොර්-ලායොමෙර් රජු යටතේ වහල් මෙහෙවර කළ මොවුහු දහතුන් වන අවුරුද්දේ දී කැරලිගැසූ හ.
එවිට සොදොම්, ගොමොරා, අද්මා, ශෙබොයිම් සහ බෙලා හෙවත් ශොවර් යන නුවරවල රජවරු පස්දෙනා නික්ම ගොස් සමගි පෙරමුණක් බැඳ,
එවිට සමිඳාණන් වහන්සේ සොදොම් සහ ගොමොරා නගර පිට අහසින් ගෙන්දගම් සහ ගිනි වර්ෂා වහින්න සැලැස්වූ සේක.
එතැනින් දකුණු දෙසට මළ මුහුදට වැටෙන ජොර්දාන් ගඟ ඔස්සේ ද වැටෙනු ඇත. නුඹලාට හිමි වන දේශයේ මායිම් මේවා වනු ඇත.’ ”
කින්නෙරෙත් නම් ස්ථානයේ සිට පෙරදිගින් වූ පිස්ගා නම් කඳු පාමුල පිහිටි මළ මුහුදේ වෙරළ අසබඩ වූ මිටියාවත සහ ජොර්දාන් ගඟ තවත් සීමාවක් විය.
ඔවුන් පා තැබූ වහා ම ඉහළින් බැස එන දිය නැවතී, ඉතා දුරට, ශාරෙතාන් ඉදිරිපිට තිබෙන නුවර වන ආදාම් දක්වා ගොඩගැසුණේ ය. අරබා මිටියාවතෙහි පිහිටි ලුණු මුහුදට බැස යන දිය සම්පූර්ණයෙන් ම වෙන් වී ගියේ ය. සෙනඟ ජෙරිකෝවට මූණ ලා ගඟින් එතෙර වූ හ.