ඉක්බිති එදින සිසිල් සුළං හමන සැඳෑ සමයෙහි දෙවි සමිඳාණන් වහන්සේ උයනේ සක්මන් කරන හඬ ඔවුන්ට ඇසී, මිනිසා හා ඔහුගේ භාර්යාව උයනේ ගස් අතර උන් වහන්සේගෙන් සැඟවුණාහ.
ආමොස් 9:3 - Sinhala New Revised Version 2018 ඔවුන් කර්මෙල් කන්ද මුදුනෙහි සැඟවී සිටියත්, මම ඔවුන් සොයාගෙන අල්ලාගනිමි. ඔවුන් මට නොපෙනී මුහුදු පත්ලෙහි සැඟවුණත්, එහි දී ඔවුන් දෂ්ට කරන පිණිස මුහුදු සර්පයාට මම අණ කරමි. Sinhala New Revised Version ඔවුන් කර්මෙල් කන්ද මුදුනෙහි සැඟවී සිටියත්, මම ඔවුන් සොයාගෙන අල්ලාගනිමි. ඔවුන් මට නොපෙනී මුහුදු පත්ලෙහි සැඟවුණත්, එහි දී ඔවුන් දෂ්ට කරන පිණිස මුහුදු සර්පයාට මම අණ කරමි. Sinhala Revised Old Version ඔවුන් කර්මෙල් මුදුනෙහි සැඟවී සිටියත්, මම එතැනින් ඔවුන් සොයාගන්නෙමි; ඔවුන් මාගේ ඇස් ඉදිරියෙන් මුහුදුපල්ලෙහි සැඟවුණත්, එහිදී ඔවුන්ට දෂ්ටකරන හැටියට මම සර්පයාට අණකරන්නෙමි. |
ඉක්බිති එදින සිසිල් සුළං හමන සැඳෑ සමයෙහි දෙවි සමිඳාණන් වහන්සේ උයනේ සක්මන් කරන හඬ ඔවුන්ට ඇසී, මිනිසා හා ඔහුගේ භාර්යාව උයනේ ගස් අතර උන් වහන්සේගෙන් සැඟවුණාහ.
එහෙත් ඔබ, මෙසේ කියන්නෙහි ය: ‘දෙවිඳාණෝ කුමක් දන්න සේක් ද? විනිශ්චයක් කිරීමට ගන’ඳුර බිඳ බලනු ඇද් ද?’
එවිට ඔබේ පාද ඔවුන්ගේ ලෙයින් සෝදාගත හැකි වන්නේ ය; ඔබේ බල්ලෝ සතුරන්ගේ ලේ ඕනෑ පමණ ලෙව කන්නෝ ය.”
ඒ දවසේ දී සමිඳාණන් වහන්සේ තමන්ගේ දැඩි, බලවත්, භයානක කඩුවෙන් ශීඝ්‍රයෙන් වක් වෙමින් යන ලෙවියාතන් නම් මුහුදු සර්පයාට දඬුවම් කර, මුහුදේ සිටින දිය රකුසා මරාදමන සේක.
“මේ සෙනඟ අල්ලන පිණිස මම මසුන් අල්ලන්නන් බොහෝ දෙනෙකු එවන්නෙමි. ඉන්පසු සියලු කඳුවල ද සියලු හෙල්වල ද පර්වත විවරවල ද දඩයමින් මෙන් ඔවුන් ගෙනෙන පිණිස දඩයම්කාරයන් මම එවන්නෙමි. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.
ආමොස් මෙසේ පැවසී ය: “සමිඳාණෝ සියොන් කන්දේ සිට ගර්ජනා කරති; ජෙරුසලමේ සිට හඬ නඟා ගිගුරුම් දෙති. එවිට එඬේරුන්ගේ තණ බිම් දැවී යනු ඇත, කර්මෙල් කඳු මුදුන වියළී යනු ඇත.”