සමිඳාණන් වහන්සේ එයට ඉහළින් සිට, “මම වනාහි නුඹේ පියා වූ ආබ්‍රහම්ගේ දෙවියන් වහන්සේ ද ඊසාක්ගේ දෙවියන් වහන්සේ ද වන සමිඳාණන් වහන්සේ වෙමි. නුඹ සැතපී සිටින දේශය මම නුඹටත්, නුඹේ පෙළපතටත් දෙන්නෙමි.
ආමොස් 7:7 - Sinhala New Revised Version 2018 දෙවි සමිඳාණන් වහන්සේ මට මේ දර්ශනය දැක්වූ සේක. ලඹ ලණුව අල්ලා සෑදූ පවුරක් අසල උන් වහන්සේ තම අතේ ලඹ ලණුවක් ඇති ව සිටිනු මම දිටිමි. Sinhala New Revised Version දෙවි සමිඳාණන් වහන්සේ මට මේ දර්ශනය දැක්වූ සේක. ලඹ ලණුව අල්ලා සෑදූ පවුරක් අසල උන් වහන්සේ තම අතේ ලඹ ලණුවක් ඇති ව සිටිනු මම දිටිමි. Sinhala Revised Old Version උන්වහන්සේ මෙසේ මට පෙන්නූසේක: බලව, ස්වාමීන්වහන්සේ ලඹයට හරිලෙස සෑදූ පවුරක් උඩ තමන් අතේ ලඹයක් ඇතුව සිටිසේක. |
සමිඳාණන් වහන්සේ එයට ඉහළින් සිට, “මම වනාහි නුඹේ පියා වූ ආබ්‍රහම්ගේ දෙවියන් වහන්සේ ද ඊසාක්ගේ දෙවියන් වහන්සේ ද වන සමිඳාණන් වහන්සේ වෙමි. නුඹ සැතපී සිටින දේශය මම නුඹටත්, නුඹේ පෙළපතටත් දෙන්නෙමි.
ඔහු මෝවබ්වරුන්ටත් පහර දී, ඔවුන්ට බිම දිගා වන්නට සලස්වා ලණුවකින් මැන්නේ ය. මරණයට පත් කිරීමට පේළි දෙකක් ද ඉතුරු කරන පිණිස එක සම්පූර්ණ පේළියක් ද මැන වෙන් කෙළේ ය. මෙසේ මෝවබ්වරු දාවිත්ට මෙහෙකරුවන් වී කප්පම් ගෙවූ හ.
තවද, සමාරිය මැන්න ලණුව ද ආහාබ්ගේ වංශයේ ලඹකැටය ද ජෙරුසලම් නුවර පිට අල්ලා, මනුෂ්‍යයෙකු තැටියක් පිසදමා, පිසදැමූ පසු එය මුණින් පෙරළා තබන පරිදි ජෙරුසලම පිසදමා,
අත්තිවාරම මනින ලණුව යුක්තිය නම් වේ. ලඹ ලණුව අවංකකම නම් වේ. නුඹලා විශ්වාසය තබා ඇති බොරු සියල්ල ගල් වර්ෂාවට ගසාගෙන යන්නේ ය; නුඹලාගේ ආරක්ෂාව ජල ගැල්මෙන් විනාශ වන්නේ ය.”
උකුස්සන්ටත්, ඉත්තෑවන්ටත් දේශය උරුම වන්නේ ය. බකමූණෝ ද කපුටෝ ද එහි වාසය කරන්නෝ ය. සමිඳාණෝ එය මැවීමට පෙර තිබුණාක් මෙන් පාළු, හිස් දේශයක් කරන සේක.
සමිඳාණෝ සියොන් පුරඟනගේ පවුර නාස්ති කරන්න අදහස් කළ සේක. ලණුවක් ඇද එය මැන්න සේක. එය සහමුලින් ම කඩාදමන තුරු සිය’ත ඉවත් නොකළ සේක. එතුමාණෝ එහි කොටු තාප්පය සහ පවුර පිට වැලපීම ඇති කළ සේක. ඒවා එකට ගරා වැටී ඇත.
උන් වහන්සේ මා එතැනට පැමිණෙවූ විට, ලෝකඩ නිර්මාණයක් වැනි පෙනීමක් ඇති මිනිසෙකු තමාගේ අතේ හණ ලණුවක් ද මනින දණ්ඩක් ද ඇති ව දොරටුව ළඟ සිටිනු දිටිමි.
“ආමොස්, නුඹට පෙනෙන්නේ කුමක් දැ”යි උන් වහන්සේ මාගෙන් ඇසූ සේක. “ලඹ ලණුවකැ”යි මම පිළිතුරු දිනිමි. එකල උන් වහන්සේ, “මාගේ සෙනඟගේ ඇදකුද කෙතරම් ද කියා, මේ ලඹ ලණුව ඇල්ලීමෙන් මම නුඹට පෙන්වමි. ඔවුන්ට දඬුවම් කිරීමට ඇති මාගේ අදහස මම වෙනස් නොකරමි.
කුඩා පටන්ගැන්ම හෙළා දකින්නට යමෙක් වේ ද? ගොඩනැඟිල්ලේ කටයුතු පමා ව ඇති නිසා ඔව්හු කලකිරී සිටිති. ඔව්හු සෙරුබ්බාබෙල්ගේ අතේ මුල් ගල ඇති බව දකින විට ප්‍රීති වන්නෝ ය.” දේව දූතයා මට කතා කොට, “පහන් සත නම් පොළොවේ සියලු දිශාවන් දකින සමිඳාණන් වහන්සේගේ ඇස් සත ය”යි කී ය.
ඉන්පසු දිග සැරයටියක් වැනි කෝදුවක් මට දෙන ලද්දේ ය. “නැඟිට දෙවියන් වහන්සේගේ මාලිගාව ද පූජාසනය ද මැන, එහි නමස්කාර කරන්නන් ගණන් කරන්න.
මා සමඟ කතා කළ දේව දූතයාට නගරය ද එහි වාසල් දොරටු ද එහි පවුර ද මනින පිණිස රනින් කළ මිණුම් දණ්ඩක් තිබිණි.