ආමොස් 7:4 - Sinhala New Revised Version 2018 දෙවි සමිඳාණන් වහන්සේ මට මේ දර්ශනය දැක්වූ සේක: උන් වහන්සේ ගින්නකින් සෙනඟට දඬුවම් කරන්න සූදානම් වන බව මම දිටිමි. ඒ ගින්න ජල පොළොව දවා, ගොඩබිම ද දවන්න පටන්ගත්තේ ය. Sinhala New Revised Version දෙවි සමිඳාණන් වහන්සේ මට මේ දර්ශනය දැක්වූ සේක: උන් වහන්සේ ගින්නකින් සෙනඟට දඬුවම් කරන්න සූදානම් වන බව මම දිටිමි. ඒ ගින්න ජල පොළොව දවා, ගොඩබිම ද දවන්න පටන්ගත්තේ ය. Sinhala Revised Old Version ස්වාමිවූ දෙවියන්වහන්සේ මට මෙසේ පෙන්නූසේක: බලව, ගින්නෙන් ප්‍රතිඵලදීමට ස්වාමිවූ දෙවියන්වහන්සේ අඬගැසූසේක. ඊට මහත් ගැඹුර සහ භූමි කොටසක් දාගියේය. |
දාවිත්ගේ පෙළපතේ වැසියෙනි, සෑමදා ම යුක්තිය ඉටු කරන්නට වග බලාගන්න. කොල්ලකනු ලැබූ අය පීඩාකාරයන්ගේ අතින් නිදහස් කරන්න. එසේ නොකළොත්, නුඹලාගේ ක්‍රියාවල දුෂ්ටකම නිසා මාගේ කෝපය කිසිවෙකුට නිවන්නට බැරි ගින්නක් මෙන් ඇවිලෙනු ඇත.
ජුදාහි වැසියෙනි, ජෙරුසලමේ වැසියෙනි, නුඹලාගේ සිතෙන් පාප මල කපා හරින්න. එසේ නොකළොත්, නුඹලාගේ ක්‍රියාවල නපුරුකම නිසා මාගේ කෝපය ගිනි මෙන් නික්ම කිසිවෙකුට නිවන්නට බැරි ලෙස ඇවිලෙනු ඇත.”
ඉශ්රායෙල් දේශයට මෙසේ කියන්න: ‘සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක. මෙන්න, මම නුඹට විරුද්ධ ය, මම මාගේ කඩුව කොපුවෙන් ඇද ගන්නෙමි; ධර්මිෂ්ඨයන් සහ දුෂ්ටයන් සියලු දෙනා විනාශ කරදමන්නෙමි.
සමිඳුනි, මම ඔබට අයැදුම් කරමි. මන්ද, කෙතේ තණ බිම් ගින්නෙන් දැවී ගොස් ඇත; උයන්වල සියලු ගස් ගිනිබත් වී ඇත.
ඒ දවස ගැන අහස් ගැබෙහි හා පොළෝ තලයේ මම පෙර නිමිති දක්වාලමි. ලේ ද ගිනි ද දුම් කඳු ද එකල ඇති වේ.
එවිට සමිඳාණන් වහන්සේගෙන් ගින්නක් නික්ම, ඔවුන් දවා හැරියෙන් ඔව්හු උන් වහන්සේ ඉදිරියෙහි මළහ.
“දෙවියන් වහන්සේ වන මම සොදොම් සහ ගොමොරා විනාශ කරදැමුවාක් මෙන්, නුඹලා අතරෙන් සමහරෙකු විනාශ කොටදැමුවෙමි; නුඹලා ගින්නෙන් ඇදගත් ගිනි පෙනෙල්ලක් වැනි ය. එහෙත්, නුඹලා මා වෙත හැරී නාවහු ය”යි සමිඳාණන් වහන්සේ වදාරන සේක.
දෙවියන් වහන්සේ වෙත හැරී යන්න; ගොස් ජීවත් වන්න. නොගියොත් උන් වහන්සේ ගින්නක් මෙන් ජෝසෙප්ගේ වංශය පිට පැමිණෙන සේක. බෙතෙල්හි සෙනඟ ගින්නට දැවී යනු ඇත. එය නිවීමට හැකි කිසිවෙක් නැත.
මහෝත්තම දෙවි ස්වාමීන් වන දෙවියන් වහන්සේ මට දර්ශනයක් දැක්වූ සේක. උන් වහන්සේ පළඟැටියන් කන්දරාවක් ඇතිවන්න සලස්වනු මම දිටිමි. එසේ කෙළේ, රජ්ජුරුවන්ට හිමි ගොයම කැපූ පසු, යල් කන්නය වැවෙන්න පටන්ගත් විට ය.
දෙවි සමිඳාණන් වහන්සේ මට මේ දර්ශනය දැක්වූ සේක. ලඹ ලණුව අල්ලා සෑදූ පවුරක් අසල උන් වහන්සේ තම අතේ ලඹ ලණුවක් ඇති ව සිටිනු මම දිටිමි.
එසේ සක්මන් කරන විට, ගින්න ඉදිරියෙහි ඉටි මෙන් කඳු දිය වී ගොස්, කඳු බෑවුමකින් ගලා බසින වතුර මෙන් මිටියාවත් කැඩී බිඳී යන්නේ ය.
උන් වහන්සේගේ කෝපයට මුහුණ පෑ හැක්කේ කවරෙකුට ද? උන් වහන්සේගේ ඇවිලෙන උදහසේ දී නොනැසී සිටිය හැක්කේ කවරෙකුට ද? උන් වහන්සේගේ කෝපාග්නිය දැල්වෙන විට පර්වත පවා ධූලි මෙන් උන් වහන්සේ ඉදිරියෙහි ඇද හැළෙන්නේ ය.
මාගේ කෝපයෙන් ගින්නක් ඇවිළී, පාතාල ලෝකයේ ගැඹුර තෙක් ගොස් දැවී, මිහිතලය අස්වැන්න සමඟ ගිනිබත් වනු ඇත. කඳුවල පදනම් ද දැවෙනු ඇත.
දේව දූතයන් ගැන: “උන් වහන්සේ ස්වකීය දූතයන් සුළං ද, ස්වකීය සේවකයන් ගිනි ජාලාවක් ද කරන සේකැ”යි වදාරන සේක.
ඉන්පසු මෙන්න, අහසේ දොරක් ඇරී තිබෙනු මම දිටිමි. හොරණෑ හඬක් මෙන් කලින් මට කතා කළ එම හඬ, “මෙහි නැඟී එන්න. මින්පසු සිදු වෙන්නට යන දේ මම ඔබට පෙන්වන්නෙමි”යි කී ය.