ආමොස් 7:13 - Sinhala New Revised Version 2018 මින්පසු දිවැස් දෙසුම් බෙතෙල්හි නොකරන්න. මෙය රජතුමා නමස්කාර කරන ස්ථානය ය; මෙය ජාතික සිද්ධස්ථානය ය”යි කීවේ ය. Sinhala New Revised Version මින්පසු දිවැස් දෙසුම් බෙතෙල්හි නොකරන්න. මෙය රජතුමා නමස්කාර කරන ස්ථානය ය; මෙය ජාතික සිද්ධස්ථානය ය”යි කීවේ ය. Sinhala Revised Old Version බෙතෙල්හි නම් නැවත තවත් අනාගතවාක්‍ය නොකියන්න. මක්නිසාද එය රජුගේ ශුද්ධස්ථානයය, එය රාජ ගෘහයයයි කීවේය. |
ජුදාහි පවත්වන මංගල්‍යය මෙන් ජෙරොබෝවම් අට වන මාසයේ පසළොස් වන දින මංගල්‍යයක් නියම කොට පූජාසනය පිට පූජා ඔප්පු කෙළේ ය. ඔහු බෙතෙල්හිදීත් එසේ ම කරමින් තමා සෑදූ වස්සන්ට පූජා කෙළේ ය. ඔහු තමා සෑදූ ගිරිකුළු දේවාලවල පූජකයන් බෙතෙල්හි සිටෙවුවේ ය.
ජෙරොබෝවම් සුවඳ පූජා ඔප්පුකරමින් පූජාසනය ළඟ සිටිද්දී දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයෙක්, සමිඳාණන් වහන්සේගේ ආඥාව පිට ජුදා සිට බෙතෙල් නගරයට පැමිණ,
ඔහු සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි නපුරු දේ කෙළේ ය. ඉශ්රායෙල්වරුන් පාපයට පෙළඹෙවූ නෙබාත්ගේ පුත් ජෙරොබෝවම්ගේ සියලු පාපවලින් ඔහු අහක් නො වී ය.
ඔව්හු දිවැසිවරුන්ට නිහඬ වන්න කියමින් මෙසේ කියති: “හරි දේ ගැන අපට කතා නොකරන්න; අපට අසන්න ආසා දේ ගැන පමණක් කතා කරන්න; අපේ සිහින සිතුම්පැතුම් තබාගන්න අපට ඉඩ දෙන්න.
‘මේ දේව මාලිගාව ෂිලෝ මෙන් වන්නේ ය’ කියාත්, ‘මේ නුවර වැසියන් නොසිටින හැටියට පාළු වන්නේ ය’ කියාත් සමිඳාණන් වහන්සේගේ නාමයෙන් ඔබ දිවැස් වැකි කීවේ මන්දැ”යි ඇසූ හ. එවිට මුළු සෙනඟ ජෙරමියාට විරුද්ධ ව ඔහු වටකරගෙන දේව මාලිගාවේ රොක් වූ හ.
“එහෙත්, නුඹලා මුද්‍රික පානය බොන්නට නාසරීයයන් පෙළඹෙව්වහු ය; ‘දිවැස් දෙසුම් නොකරන්නැ’යි දිවැසිවරුන්ට අණ කළහු ය.
“ඉශ්රායෙල් සෙනඟගේ වරද නිසා ඔවුන්ට දඬුවම් කරන දවසේ දී බෙතෙල්හි පූජාසන බිඳ හෙළන්නෙමි; පූජාසනවල අං වැනි නෙරා ඇති කොන් කපාදමා බිමට හෙළන්නෙමි;
එහෙත්, නමදින පිණිස බෙයර්-ෂෙබාවට නොයන්න; මා සොයන පිණිස බෙතෙල්ට නොයන්න. බෙතෙල් නැත්තට ම නැති වේ. ගිල්ගාලයට වත් නොයන්න. එහි සෙනඟ වහල්කමට ගෙනයනු ලබති.”
එබැවින් සමිඳාණන් වහන්සේ වදාරන දේට සවන් දෙන්න. ඉශ්රායෙල් සෙනඟට විරුද්ධ ව දිවැස් වැකි කියන්නට වත්, ඊසාක්ගේ දරු පරම්පරාවට විරුද්ධ ව වචනයක් කියන්නට වත් එපා යයි ඔබ කියන්නෙහි ය.
ඊසාක්ගේ දරු පරම්පරාව නමස්කාර කරන ගිරිකුළු දේවාල විනාශ වන්නේ ය. ඉශ්රායෙල්හි සිද්ධස්ථාන වැනසෙන්නේ ය. ජෙරොබෝවම් රජුගේ වංශයට විරුද්ධ ව මම යුද්ධයක් හටගන්වන්නෙමි”යි වදාළ සේක.
“මේ මිනිසාගේ නාමයෙන් නූගන්වන ලෙස අපි ඔබට අණ කෙළෙමු. එහෙත් ඔබ, ඔබගේ මේ ධර්මය ජෙරුසලම පුරා පතළ කර, මේ මිනිසාගේ මරණය ගැන අප වගකිව යුත්තන් කරන්නට අදහස් කරන්නහු දැ”යි ඇසූ හ.
ඉන්පසු ඔව්හු අපෝස්තුළුවරුන් තමන් වෙතට ගෙන්වා, කස පහර දී, ජේසුස් වහන්සේගේ නාමයෙන් කතා නොකරන්නට අණ කොට ඔවුන් නිදහස් කර යැවූ හ.