කාන්තාරය හරහා චණ්ඩ මාරුතයක් හමා අවුත් ගෙයි සතර කොණට වැදුණේ ය. එය දූ පුතුන් පිට කඩා වැටී ඔව්හු මළෝ ය. මේ පුවත සැළ කිරීමට යම්තම් ඉතිරි වූයේ මා පමණකි”යි කී ය.
ආමොස් 6:9 - Sinhala New Revised Version 2018 පවුලක ඉතිරි වී ඇත්තේ දසදෙනකු පමණක් නම්, ඔවුන් සියල්ලන් ම මැරෙනු ඇත. Sinhala New Revised Version පවුලක ඉතිරි වී ඇත්තේ දසදෙනකු පමණක් නම්, ඔවුන් සියල්ලන් ම මැරෙනු ඇත. Sinhala Revised Old Version යම් ගෙයක මනුෂ්‍යයන් දස දෙනෙක් ඉතිරිවුණත් ඔවුන් මැරෙනවා ඇත. |
කාන්තාරය හරහා චණ්ඩ මාරුතයක් හමා අවුත් ගෙයි සතර කොණට වැදුණේ ය. එය දූ පුතුන් පිට කඩා වැටී ඔව්හු මළෝ ය. මේ පුවත සැළ කිරීමට යම්තම් ඉතිරි වූයේ මා පමණකි”යි කී ය.
ඝාතනය ආරම්භ වේ වා! මේ රජ්ජුරුවන්ගේ දරුවෝ සිය මුතුන්මිත්තන්ගේ පව් නිසා මරනු ලබන්නෝ ය. ඔවුන්ගෙන් කිසිවෙකුත් ලෝකය පාලනය කරන්නේ වත්, ලොව පුරා නගර පිහිටුවන්නේ වත් නැත.”
මන්ද, වීදිවල ළමයින් ද කඩ මණ්ඩිවල තරුණයන් ද වනසමින් මරුවා අපේ ජනේල සමීපයට ද නිවාසවලට ද ඇතුළු වී ඇත.
මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: “ඉශ්රායෙල්හි එක් නගරයකින් සටනට යන භටයින් දහසකින් ආපසු එන්නේ සියයකි. සියයක් යන තව නගරයකින් ආපසු එන්නේ දසදෙනෙකි.”
එසේ වූවත් මට පූජකයෙකු ලෙස සේවය කරන පිණිස නුඹේ පරපුරෙන් එක් කෙනෙකු මම ඉතිරි කරගනිමි. එහෙත්, ඔහු අන්ධ වන්නේ ය; ඔහුගේ සියලු බලාපොරොත්තු නැති වී යන්නේ ය. නුඹේ වංශයෙන් පැවතෙන සියල්ලන් කඩු පහරින් මැරෙනු ඇත.