මෙසේ ඒ කාලයෙහි හමාත් නම් දුර්ගයට ඇතුළු වන තැන පටන් මිසරයේ නයිල් ගඟ දක්වා පළාත්වලින් පැමිණි විශාල පිරිසක් වන, සලමොන් ඇතුළු සියලු ඉශ්රායෙල්වරු අප දෙවි සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි සත් දවසක් මංගල්‍ය පැවැත්වූ හ.
ආමොස් 6:14 - Sinhala New Revised Version 2018 එහෙත්, සියලු බලැති දෙවි සමිඳාණන් වහන්සේ මෙසේ පිළිතුරු දෙන සේක: “ඉශ්රායෙල් ජනයෙනි, නුඹලාට විරුද්ධ ව මම ජාතියක් එවන්නෙමි. උතුරේ ඇති හමාත්ට ඇතුළු වන දුර්ගයේ සිට, දකුණේ ඇති මළ මුහුද දක්වා ඒ ජාතිය නුඹලාට පීඩා කරනු ඇත.” Sinhala New Revised Version එහෙත්, සියලු බලැති දෙවි සමිඳාණන් වහන්සේ මෙසේ පිළිතුරු දෙන සේක: “ඉශ්රායෙල් ජනයෙනි, නුඹලාට විරුද්ධ ව මම ජාතියක් එවන්නෙමි. උතුරේ ඇති හමාත්ට ඇතුළු වන දුර්ගයේ සිට, දකුණෝ ඇති මළ මුහුද දක්වා ඒ ජාතිය නුඹලාට පීඩා කරනු ඇත.” Sinhala Revised Old Version නුමුත්, ඉශ්‍රායෙල් වංශය, මම නුඹලාට විරුද්ධව ජාතියක් නැගුටුවන්නෙමි; හමාත්ට ඇතුල්වන තැන් පටන් අරබා සමභූමියේ ඔය දක්වා ඔව්හු නුඹලාට පීඩාකරන්නෝයයි සේනාවල දෙවිවූ ස්වාමීන්වහන්සේ කියනසේක. |
මෙසේ ඒ කාලයෙහි හමාත් නම් දුර්ගයට ඇතුළු වන තැන පටන් මිසරයේ නයිල් ගඟ දක්වා පළාත්වලින් පැමිණි විශාල පිරිසක් වන, සලමොන් ඇතුළු සියලු ඉශ්රායෙල්වරු අප දෙවි සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි සත් දවසක් මංගල්‍ය පැවැත්වූ හ.
ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ තමන්ගේ මෙහෙකරු වූ, ගාත්-හෙපෙර්හි දිවැසිවර අමිත්තයිගේ පුත් ජෝනා ලවා කියෙවූ වචනය ලෙස හමාත් දුර්ගයට ඇතුල් වන තැන පටන් අරබා සමභූමියේ මුහුද දක්වා ඉශ්රායෙල්වරුන්ගේ දේශ සීමාව ඔහු නැවත ලබාගත්තේ ය.
ඉශ්රායෙල් රජු වන පෙකාගේ කාලයේ දී අසිරියාවේ රජු වන තිග්ලත්-පිලෙසෙර් අවුත් ඊයොන් ද ආබෙල්-බෙත්-මයකා ද ජනෝවා ද කෙදෙෂ් ද හාශෝර් ද ගිලියද් ද ගලීලය ද, එනම් මුළු නප්තලී දේශය ද අල්ලාගෙන දේශවාසීන් අසිරියාවට ගෙන ගියේ ය.
තවද, හෝෂෙයාගේ නව වන අවුරුද්දේ අසිරියාවේ රජ සමාරිය අල්ලාගෙන ඉශ්රායෙල්වරුන් අසිරියාවට ගෙන ගොස් හලාහි ද ගෝශාන් ගංගාව වන හාබොර් ළඟ ද මේදවරුන්ගේ නුවරවල ද පදිංචි කරවී ය.
“ඒ කාලය පැමිණි විට සමිඳාණන් වහන්සේ විසින් යුප්‍රටීස් ගඟට එගොඩින් කරණවෑමියෙකු එනම්, අසිරියාවේ රජු කුලියට ගෙන්වා ගෙන, ඔහු ලවා නුඹේ හිසේ ද සිරුරේ ද කේශ හා රැවුල් බූගාවනු ලබන්නේ ය.
“බස්නාහිර දේශ සීමාව නම්, මධ්‍යධරණි මුහුද පටන් හමාත් ඉදිරිපිටට පැමිණෙන තුරු මධ්‍යධරණි මුහුද වේ. බස්නාහිර සීමාව එය වේ.
“සමාරිය වැසියෝ බෙත්-ආවෙන්‍හි වහු පිළිමය නිසා වෙවුලමින් සිටිති. ඔව්හු දුක් වන්නෝ ය. ඔවුන්ගේ කපුවෝ ද රන් වහු පිළිමයේ අලංකාරය පහකරනු ලැබූ නිසා හඬා වැලපෙති.
එබැවින් සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “සතුරු සේනාවක් ඔවුන්ගේ රට වට කොට, බලකොටු බිඳ හෙළා මාලිගා කොල්ලකන්නෝ ය.”