ප්‍රඥාව ඇසුරු කිරීමෙන් අමරණීය භාවය ලැබෙන බව ද, ඇය සමඟ මිතුරුකමින් පිරිසිදු තෘප්තිය අත් වන බව ද, ඇයගේ ක්‍රියා තුළ අසීමිත සම්පත හිමි වන බව ද, ඇය ඇසුරෙන් නැණනුවණ උදා වන බව ද, ඇය සමඟ සුහද කතාවෙන් කීර්තිය හිමි වන බව ද මා සිතින් සිතා යම් හෙයකින් ඇය මා සතු කරගනු පිණිස මම දස දිසාවේ ගමන් කෙළෙමි.