ඔවුන් විගස ගරුසරු නැති මළකඳන් වනු ඇත; මියගියවුන් අතර සදහට ම නින්දාවට ලක් වනු ඇත. සමිඳාණෝ ඔවුන් නිහඬ කරවමින් ඔවුන්ට තදින් පහර දෙන සේක. ඔවුන්ගේ පදනම්වලින් ඔවුන් උදුරා දමන සේක; ඔවුන් සම්පූර්ණයෙන් ම වනසාලනු ඇත. සන්තාපය ඔවුන්ට හිමි වනු ඇත. ඔවුන් ගැන සිහි කිරීම මැකී යන්නේ ය.