ඔවුන් දෙවිවරුන් මෙන් සැලකූ ඒ සතුන්ගෙන් ම පීඩා විඳ ඔව්හු වෙහෙසට පත් වූ හ. ඒ සතුන් මඟින් ම ඔවුන් දඬුවම් ලැබූ විට ඔව්හු සත්‍ය වූ දෙවිඳුන් කෙළින් ම දැක එතුමාණන් පිළිගත්හ. එහෙත්, මෙතෙක් කල් ඔව්හු එතුමාණන් ගැන දැනගැනීම ප්‍රතික්ෂේප කර සිටියෝ ය. ඔවුන්ට දරුණු දඬුවම් පැමිණියේ ඒ නිසා ම ය.