ඔහු ද, පිළිතුරු දෙමින්, “ඇත්තෙන් ම, මම දනිමි. මා බොහෝ වර එහි ගොස් ඇත. මම එහි පාරවල් සියල්ල ම කටපාඩමින් දනිමි. මම බොහෝ විට මේදියාවට ගොස් එහි රාගේස් නම් ස්ථානයේ වසන අපේ ඥාතියෙකු වන ගබයෙල් සමඟ නැවතී ඇත්තෙමි. එක්බතානාවේ සිට රාගේස්ට යෑමට සාමාන්‍යයෙන් සම්පූර්ණ දින දෙකක් ගත වේ; රාගේස් පිහිටා ඇත්තේ කඳුකරයේ ය. එක්බතානා තැනිතලාව මධ්‍යයේ ය”යි කීවේ ය.