තෝබිත් 5:14 - Sinhala New Revised Version 2018 “සොහොයුර, සැරද! ආයුබෝවන්! ඔබේ පවුලේ නම දැනගන්නට ආශාව දැක්වීම ගැන මා සමඟ කෝප නොවන්න. ඔබ උතුම් වංශවත් පෙළපතකට නෑකම් කියන, මාගේ ම ඥාතියකු බව මට පෙනේ. අර ශ්‍රේෂ්ඨ ෂෙමායාගේ පුත්‍රයන් දෙදෙනා වන අනනියස් සහ ජාතන් මම දනිමි. ඔවුන් මා සමඟ ජෙරුසලමට ගොස් ඇත. අපි එහි දී එකට නමස්කාර කෙළෙමු. ඔව්හු කවදාවත් යහ මඟින් ඉවත් ව නො ගියහ. ඔබේ සහෝදරයෝ සම්භාවනීය අය වෙත්. ඔබ එන්නේ වංශවත් පෙළපතකිනි. ඔබට සැප වේ වා!”යි තෝබිත් කී ය. |