තෝබිත් 5:10 - Sinhala New Revised Version 2018 දේව දූතයා ගේ තුළට පැමිණියේ ය. තෝබිත් ඔහුට ආචාර කළ විට ඔහු ද සුව පතමින් පිළිතුරු දුන්නේ ය. එවිට තෝබිත් කතා කොට, “මට නැවත ප්‍රීති වීමට පුළුවන් ද? මම අන්ධ මිනිසෙකි. මට අහසේ ආලෝකය තවත් නොපෙනේ, ආලෝකය නො දකින මියගිය අය මෙන් මම අඳුරෙහි ගිලී සිටිමි. මම පණපිටින් වළලනු ලැබූ මිනිසෙකි. මිනිසුන් කතා කරනු මට ඇසේ. එහෙත් ඔවුන් දැකීමට නුපුළුවනැ”යි කීවේ ය. දේව දූතයා කතා කොට, “සැනසිල්ලෙන් සිටින්න, නොබෝ කලකින් දෙවියන් වහන්සේ ඔබ සුව කරනු ඇතැ”යි කී ය. තෝබිත් කතා කොට, “මාගේ පුත් තෝබියස්ට මේදියාවට යන්ට වුවමනා වී තිබේ. ඔහුට මඟ පෙන්වන්නා මෙන් ඔබ ඔහු සමඟ යන්ට කැමැති ද? සොහොයුර, මම ඔබට මුදල් ගෙවන්නෙමි”යි කීවේ ය. දේව දූතයා පිළිතුරු දෙමින්, “ඔහු සමඟ යන්නට මම කැමැත්තෙමි. මම පාරවල් සියල්ල දනිමි. මා නිතර මේදියාවට ගොස් තිබේ. මා එහි ඇති කඳු තැනිතලා සියල්ල ඔස්සේ ගමන් කර ඇත. පාරවල් සියල්ල ම මම දනිමි”යි කීවේ ය. |