ඔහු ද සිය පුත් තෝබියස් කැඳවා ඔහුට මෙසේ කීවේ ය: “මා මියගිය පසු ගෞරව සහිත ව මා භූමදාන කරන්න. ඔබේ මවට ගෞරව කරන්න. ඔබේ මුළු ජීවිත කාලයේ ම ඔබ ඇය කවර දිනක වත් අත් නොහරින්න. ඈට වුවමනා සියල්ලක් ම කරමින් ඈට කිසි දුකක් නොදෙන්න.