“ම පුත, අවිනීත ලෙස හැසිරීමෙන් ඉවත් වන්න. නුඹේ පියාගේ වංශයෙන් බිරිඳක් තෝරාගන්න. අපි දිවැසිවරුන්ගේ පුත්‍රයන් බැවින් නුඹේ පියාගේ ගෝත්‍රයට පිටතින් විදේශික බිරිඳක් සරණ පාවා නොගන්න. මුල පටන් සිටි අපේ ආදි පියවරුන් වන නෝවා, ආබ්‍රහම්, ඊසාක් සහ ජාකොබ් සිහි කරන්න. ඔව්හු සියල්ලෝ ම තමන්ගේ ම වංශවලින් භාර්යාවන් පාවාගත්හ. තමන්ගේ දරුවන් මඟින් ඔව්හු ආශීර්වාද ලත්හ. ඔවුන්ගේ වංශය පොළොව උරුම කරගන්නේ ය.