තෝබිත් 3:17 - Sinhala New Revised Version 2018 තෝබිත්ගේ දෙනෙතින් ම දෙවියන් වහන්සේගේ ආලෝකය දකිනු පිණිස, ඔහුගේ ඇස්වලින් සුදු ලප ඉවත් කිරීම රපියල්ට නියම විය. තවද, රගුවෙල්ගේ දියණිය වන සාරාට, තෝබිත්ගේ පුත් තෝබියස් සරණ පාවා දී, ඉතා නපුරු යක්ෂයා වන අස්මොදේයුස් පලවා හැරීම ද ඔහුට නියම විය. මන්ද, ඇය පතා පැමිණි අන් හැම අයට ම වඩා, ඈ අයිතියක් වශයෙන් හිමි වූයේ තෝබියස්ට ය. තෝබිත් මළුවේ සිට ආපසු ගෙදරට පැමිණියේ ය. ඒ මොහොතේ දී ම රගුවෙල්ගේ දියණිය වන සාරා ද උඩුමහලින් බැස ආවා ය. |