මුළු ඉශ්රායෙල් ජනතාවට සදහට ම නියම වූ නීතිය ඉටු කරමින් මම බොහෝ විට හුදකලා ව ජෙරුසලමට වන්දනාවේ ගියෙමි. පලදාවෙන් සහ සතුන්ගෙන් ගත් ප්‍රථම ඵල ද, ගවමහිෂයන්ගෙන් ගත් පඬුරු වන සතුන් සහ බැටළුවන්ගෙන් මුලින් ම කපාගත් ලෝම ද රැගෙන මම ජෙරුසලමට කඩිනමින් ගියෙමි.