මේ සිද්ධියෙන් දවස් හතළිසක් ගත වෙන්ට පෙර රජුගේ පුත්‍රයන් දෙදෙනා විසින් රජ තෙමේ මරණ ලදී. ඉන්පසු ඒ දෙදෙන, අරරත් කඳුකරයට පලා ගියෝ ය. එවිට ඔහුගේ පුත්‍රයා වන එසර්හද්දොන් තෙමේ රජකමට පත් විය. අනයෙල් නමැති මාගේ සහෝදරයාගේ පුත්‍රයා වන අහිකාර් නමැත්තා රාජකීය භාණ්ඩාගාරයේ මහා භාරකරු වශයෙන් පත් කරන ලදී. තවද, ඔහුට ප්‍රධාන වැඩ කටයුතු පිළියෙළ කිරීම ද පවරන ලදී.