එවිට මා විසින් රහසින් ඒ මෘත ශරීර භූමදාන කරන ලද බව නිනිවය වැසියෙක් ගොස් රජ හට සැළ කෙළේ ය. මා ගැන රජු හට කියන ලද බව මා දැනගෙන මා මැරීමට සොයන මිනිසුන් මා ලුහුබැඳ එන බව දුටු විට, මම බියෙන් පලා ගියෙමි.