මාගේ පියාගේ සමිඳුන් වන සමිඳාණන් වහන්සේට මෙසේ අඬගැසුවෙමි. “පීඩා කාලයේ දී මා අත් නොහැරිය මැනව. අහංකාරයන්ගේ කාලයෙහි දී කිසිවෙකුගේ පිහිටක් නැති, මා අත් නොහැරිය මැනව. මම ඔබේ නාමය පසසන්නෙමි; කළගුණ සලකා, නොනවත්වා, ගීයෙන් ඔබ පසසන්නෙමි.”