සමිඳාණෝ එය දැක උදහස් වූ සේක. උන් වහන්සේගේ කෝපය ඇවිළී ඔව්හු සහමුලින් ම විනාශ කරන ලද්දෝ ය. ඔවුන්ට පෙනෙන්නට සමිඳාණෝ පුදුම දේවල් කළ සේක. උන් වහන්සේ සිය ඇවිලෙන ගින්නෙහි ඔවුන් දවා හැරිය සේක.