මෙන්න, අසිරියන්වරුන්ගේ විශාල හමුදාවක් මෙහි ඇත; ඔව්හු තමන්ගේ අසුන් හා අසරුවන් ගැන උදම් අනති; තම පාබල සේනා ශක්තිය ගැන පුරසාරම් දොඩති. ඔව්හු ලංසය හා පලිහ කෙරෙහි බලාපොරොත්තු තැබූ හ. දුන්න හා ගල් පටිය කෙරෙහි විශ්වාසය තැබූ හ. ඔබ යුද සිඳබිඳ දමන සමිඳුන් බව ඔව්හු හැඳින නොගත්හ.